Kon-Tiki (2012)

තෝර් හෙයාර්ඩෙල් දේශ ගවේශක විද්‍යාඥයෙක්.ඔහු තමන්ගෙ බිරිඳත් එක්ක පොලිනේසියාවේ කුඩා දූපතක අවුරුදු දහයක් ඉඳලා ඒසම්බන්ධව පොතක් ලියනවා.ලෝකයට අලුත් න්‍යායක් ඉදිරිපත් කරන්න තමයි ඔහු මෙහෙම මහන්සි වෙන්නේ.තෝර් තමන්ගේ පොතෙන් කතාකරන්නේ පොලිනේසියාවෙ මිනිසුන්ගේ සංක්‍රමණය ගැනයි.
ඔහු එහිදි තර්කයක් ගොඩනඟනවා පොලිනේසියාවෙ මිනිසුන්ඇමරිකාවෙන් සංක්‍රමණය වුණා කියල.ඒත් ඒ වෙනකොට මුළු ලෝකයම පිළිඅරගෙන තිබුණේ ඔවුන් ආසියාවෙන් සංක්‍රමණයවුණා කියලා. හේතුව තමයි අවුරුදු 1500කට කලින් මුහුදු මාර්ග ඒ තරම්දියුණුවක තිබුණෙ නැති නිසා, විශේෂයෙන් ඒ කාලෙ නෞව්කා වගේ දේවල් තිබුණෙ නැතිනිසා තෝර්ට මේ න්‍යාය ඔප්පු කරගන්න බැරි වෙනවා. ඒත් තෝර් කියන්නෙ නම් ඒකාලෙ හිටපු මිනිස්සු සැහැල්ලු පහුරු ආදී උපයෝගී කරගෙන පොලිනේසියාවටසංක්‍රමණය උනා කියලයි.


ඒත් මේ තෝර් කියන්න හදන දේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑ.ඒ හින්දම ඔහු තමන්ගේ ජිවිතයෙන් වැඩි කාලයක් කැප කරලා ලියපු ඒ පොත ප්‍රකාශය කර ගන්න පවා ඔහුට නොහැකි වෙනවා.කොහොමහරි අවසානයේ ඔහුට ප්‍රකාශකයෙක් මුණ ගැහෙනවා. හැබැයි ඔහු තෝර්ට අභියෝගයක්කරනවා.. ඒ තමයි පුළුවන් නම් පහුරක් හදලා හැතැප්ම 5000ක දුරක් ගෙවලා මේකරුණු සත්‍යයක් බව ඔප්පු කරන්න කියලා.තෝර් ඔහුගේ අභියෝගය භාරගන්නවා.සැහැල්ලු පවුරක් හදාගෙන භයංකාර,රුදුරු මහ මුහුද තරණය කරන්න ඔහු සුදානම් වෙනවා.

Genre: Action, Adventure, Biography

Director: Espen Sandberg, Joachim Rønning

Actors: Anders Baasmo, Pål Sverre Valheim Hagen

Writer: Petter Skavlan


සම්පුර්ණ චිත්‍රපටය online නරබන්න

Gossip Lanka Hot News Previous News Archive