මඩවලගේ ඝාතනය විෂ්ණු දෙවියන්ගේ වැඩක් - Mervin Silva

කැලණියේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හසිත මඩවල මහතාව නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් මරා දැමීම සම්බන්ධයෙන් කැළණිය ආසනයේ ආණ්ඩුපක්ෂ සංවිධායකවරයා හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ගෙන්  කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ  "දෙවියන් තරහා කරගත්තාම කාටත් ඔය ටික වෙන්න පුලුවන් "බවය.

මඩවලගේ ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතා වගකිවයුතු බවත්, ඔහු හැර මඩවල මහතාට හතුරන් නොවූ බවට එම ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර ලංකා විජිත කුමාර මහතා චෝදනා කර තිබේ. එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමේදී මෙම ඝාතනයට පෙර වූ ආසන්නතම සිදුවීමක් මතක් කළ ඇමැතිවරයා "පසුගියදා විෂ්ණු දේවලයේ පෙරහැර පැවැත්වුණා ඒ වෙනුවෙන් නිල්පාට කොඩි දාලා ප්‍රදේශයම සැරසිලි කරල තිබුණා. මඩවල ඔය සැරසිලි කඩලා දාල ඒවාට පයින් පගල තියෙනවා .විශ්ණු දෙවියන් කියන්නේ මහා බලගතු කෙනෙක්.


මේ දේවලයත් එහෙම බලගතු හාස්කම් තියෙන තැනක්. ඉතින් දෙවියන්ට කරදර කරාම ඔහොම වෙනවා. යැයි ද පැවැසීය. මඩවල මගේ දේශපාලනයට ගොඩක් උදව්කරපු මනුස්සයෙක්.. මට අර ලංකා කියන මන්ත්‍රීවරයා චෝදනා කරනවා.."මේක හරියට අර ලලිත් ඇතුලත්මුදලි ඝාතනය කරපුවෙලාවේ ප්‍රේමදාසට චෝදනා එල්ල වුණා වගේ වැඩක්. සත්‍යය හෙළි වුණා එක කොටින්ගේ වැඩක් කියලා... ."

මර්වින් මහතා වැඩිදුරටත් කියා සිටියේ මඩවල මන්තී‍්‍රවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මේවන විට විශේෂ පරීක්‍ෂණ කණ්ඩායම් යොදවා ඇති බවත්, එම පරීක්‍ෂණවලට තමාද සහය දක්වන බවත්ය.
තමා කැලණියේ සන්ධාන සංවිධායක හැටියට එය තමන්ගෙන් ඉටුවිය යුත්තක් බවද ඔහු පැවසීය.
කෙසේවවුද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍ර ලංකා විජිත කුමාර මහතා කියා සිටියේ මඩවල මන්තී‍්‍රවරයා මර්වින් අමාත්‍යවරයාගේ රුපියල් ලක්ෂ 1,700ක වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු දැන සිටි බවයි.
මේ ඝාතනයේ පරීක්‍ෂණ අවසන්වන තෙක් හෝ මර්වින් අමාත්‍යවරයා කැලණිය සංවිධායක ධූරයෙන් ඉවත් කරන ලෙසද තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.එසේම විජිතකුමාර මහතා සිය මන්තී‍්‍රවරුන්ගේ ආරක්ෂව තහවුරුකරන ලෙස ද ජනාධිපති, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේය.පසුගිය කාලයේදී විවිධ චෝදනා එල්ලකරමින් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන්ව 17 වරක් පොලිසිවලට ගෙනගිය බවද ඔහු කීය.

Gossip Lanka Hot News Previous News Archive