මම කැලණියෙන් යන්නේ නෑ - Mervin Silva

ජනාධිපතිතුමාගේත්, රජයේත් ගෞරවය ආරක්ෂා කිරීමටයි සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වූණේ. කැලණියෙන් මම යන්නෙත් නැහැ තනතුරු ඇතත් නැතත් කැලණිය ජනතාවට සේවය කරනවා යැයි අද (20) කැලණිය , නාහේන, කොහොල්විල ප්‍රදේශයේ ජන හමු අමතමින් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.

 කැලණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මංත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයෙන් පසු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පළමු වරට මෙම ජනහමු ඇමතීමෙන් පසු තම පාක්ෂිකයින්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය. අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.


 “කැලණිය ජනතාවට සේවය කරන්න ගිහින් මගේ ජීවිතය නැති වූණ දවසට අදාහනය කිරීමෙන් පසු අලු ටික පා කරලා යන්නේ කැලණි විහාරය ඉදිරිපිට කැලණි ගගේ දී. ජනතාවට සේවය කරන්න තනතුරු අවශ්‍ය නැහැ. කැලණිය ප්‍රාදේශිය සභාවේ මංත්‍රීවරු ඉස්සර කාමරවල සිටියේ. යන්න වාහන තිබුණේ නැහැ. ‍මම කැලණිය සංවිධානයක ධූරය භාරගන්නට පස්සෙයි මේ පිරිස වාහන අරන් සැපවත් ජීවිතයක් ගත කරන්නේ” යැයි පැවසීය



Gossip Lanka Hot News Previous News Archive