ඝාතකයා මම නෙමෙයි – Mervyn Silva

මං විශාල පෙරහැරක් පවත්වලා ඉන්නෙ

කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර හසිත මඩවලගේ ඝාතනය සම්බන්ධයෙන් තමා වෙත චෝදනා එල්ල කිරීම තරයේ හෙළාදකින බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය කාලය පුරාම මෙවැනි චෝදනා සිදුකළ පිරිස් තමාට විවිධ දේ සම්බන්ධයෙන් චෝදනා කළ බවත්, ඒ කිසිවෙකින් තමා වැරදිකරු නොවු බවද අමාත්‍යවරයා පවසා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියමයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට තමන් පූර්ණ සහයෝගය දෙන බවද ඔහු කියා සිටියේය.



සිදුකරන චෝදනාවලින් තමන් කිසිවිටෙකත් කලබල නොවන බවත්, යන යන තැන තමන් වටේ ජනතාව රැුස්වන බවද ඔහු සඳහන් කළේය.

විශාල පෙරහරක් පවත්වා එය අවසන් කර සිටින වෙලාවක තමාට එල්ල කරන චෝදනා පිළිබඳව සිත සිතා සිටීමට වේලාවක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive