මගේ අත්සනින් දුන් සියලු තනතුරු අවලංගුයි- Mervyn Silva

තම ක්‍රියාකාරීන්ට තම අත්සනින් නිකුත් කර ඇති තනතුරු අද සිට අවලංගු කරන බව මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔහූ විසින් අද නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ දේශපාලන කටයුතු සහ සංවර්ධන කටයුතු සංවිධානය කිරිමේදි ජනතාවගේ පහසුව සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ක්‍රියාකාරීන්ට සහ දේශපාලක කටයුතුවලදී සෘජුව උදව් කළ සියලුදෙනාට තනතුරු ඇතුලත් හැදුනුම්පතක් නිකුත් කර ඇති බවය.

සම්බන්ධීකරණ ලේකම්, උපදේශක සහ සම්බන්ධීකාරක යන තනතුරු සදහා එම හැදුනුම්පත් නිකුත් කළ බව ද අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

එම හැදුනුම්පත භාවිත කරමින් තමාගේ කීර්ති නාමයට හානිවන අයුරින් කටයුතු කරන බව දැනගන්නට ලැබීම නිසා ඒ සියලු තනතුරු අවලංගු කිරිමට පියවර ගත් බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

ඒ අනුව අදාළ හැදුනුම්පත් මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍යාංශයට භාරදෙන ලෙසද අමාත්‍යවරයා සිය ක්‍රියාකාරීන්ට දැනුම් දෙයි.

Gossip Lanka Hot News Previous News Archive