මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස දිවුරුම්දේ - Mohan Peiris New CJ.



හිටපු නීතීපති හා ජනාධිපතිගේ නීති උපදේශකවරයකු වූ මොහොන් පීරීස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාඉදිරියේ අද පස්වරු 12.35 ට යෙදුනු සුබ මොහොතින් අරලියගහ මන්දිරයේදී දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංහ මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.



කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මොහාන් පීරිස්‌ මහතා පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට පිවිසියේය.

ජනාධිපති නීතිඥ දයා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩී. ආර්. පී. ගුණතිලක යන මහත්වරුන් යටතේ නීතිඥවරයකු ලෙස කටයුතු කළ මොහාන් පීරිස්‌ මහතා පසුව එංගලන්තයේ වේල්ස්‌හි සොලිසිටර්වරයකු ලෙස කටයුතු කළේය.

1981 වසරේදී රජයේ නීතිඥයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්‌ වූ හෙතෙම පසුව රජයේ ජ්‍යෙෂ්aඨ නීතිඥයකු ලෙස වසර 15 ක්‌ පමණ සේවය කළේය.

හාවර්ඩ්හි නීති විද්‍යාලයේ නීතිය පිළිබඳ පුහුණුවක්‌ ද කේම්බ්‍රිජ් විදුහලේ සහ ජෝර්ඡ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පොලිස්‌ සහ අපරාධ විනිශ්චය සම්බන්ධ අධ්‍යයනයක්‌ ද ලබාගත් මොහාන් පීරිස්‌ මහතා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව පෞද්ගලිකව නීතිඥ වෘත්තියේ නියෑළිණි.

පරිපාලන නීතිය, වාණිජ නීතිය, ඉඩම් නීතිය, මූලික අයිතිවාසිකම්, කර්මාන්ත නීතිය, අපරාධ නීතිය ආදී ක්‍ෂේත්‍රයන්ට අදාළ නඩු කටයුතුවලට පෙනී සිටි මොහාන් පීරිස්‌ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයකු ලෙස ද සේවය කර ඇත.



Gossip Lanka Hot News Previous News Archive