හිටපු නීතිපති , කැබිනට මණ්ඩල නීති උපදේශක හා සෙලාන් බැංකුවේ සභාපති මොහාන් පීරිස් මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කරනු ඇතැයි වාර්ථාවේ . අද පාර්ලිමේන්තු සභාවට මේ බව ජනාධිපතිවරයා විසින් දන්වා ඇත. මීට අමතරව තවත් නම් දෙකක් යෝජනා කර ඇති බව මාධ්‍යවාර්තා කොට ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසුවේ පාර්ලිමේතු සභාවට යොජනා කරනු ලැබුවේ එක් නාමයක් පමණක් බවය. ඒ කවුදැයි හෙළි කිරීමට ඔහු නොකැමැති වූ අතර හෙට දිනයේදී රැස් වන එම සභාව නව අගවිනිසුරුවරයා ලෙස යෝජිත නාමය අනුමත කොට ජනාධිපතිවරයාට දන්වනු ඇති බවද පැවැසුවේය.
කෙසේ නමුත් මෙම සාමාජිකයන් පස් දෙදෙනෙකුගෙන් පාර්ලිමේන්තු සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනා වන රනිල් වික්‍රමසිංහ හා ස්වාමිනාඳන් මන්ත්‍රීවරයා ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ අනුව මොහාන් පීරිස් 44 වන අගවිනිසුරුවරයා ලෙස නුදුරු දිනකදී දිවුරුම් දීම සිදු කරනු ඇත.
එහෙත් මෙම පත්වීමට අණ්ඩුව නියෝජනය කරන වාමාංශික පක්ෂ හා ජාතික හෙළ උරුමය විරුද්ධ වී තිබේ. එසේම ශ්‍රිලනිපයේ ජේෂඨයන්ද මෙම පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කර ඇත. මේ හේතුව නිසා ජනාධිපතිවරයා යම් අපහසුවකට පතව තිබුණද මොහාන් පීරිස් නව අගවිනිසුරු ලෙස පත්කර ගැනීම සිදුවනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.
මොහාන් පීරිස් මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කරන අවදියේදී ඔහුට විරුද්ධව බරපතල චෝදනා රැසක් එල්ල විය. එහේම විසුළු කාරී හැසිරීම නිසාද විවේචනයට ලක් වූවකු වන අතර අතුරුදන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ජීවත්ව සිටින බවට ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශ කර පසුව අධිකරණය හමුවේ ඒ දන්නේ දෙවියන් වහන්සේ පමණක් යයිද කීය.
ජනාධිපතිවරයට අතිශය සමීප පුද්ගලයකුවන් මොහන් පීරිස් යටතේ නීතිපති දෙපාර්තමේන්තුව මුළුමනින්ම දේශපාලනීයකරන කළ බවටද ඔහුට චොදනා එල්ල වූ අතර මෙම නව පත්වීමද දේශපාලනික පත් වීමක් ලෙස සැලකිය හැකිය. සාමනය සම්ප්රදාය අනුව අගවිනිසුරුධූරයට පත් කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු අතරින් ජේෂ්ඨතමයායා. මෙවර ඉන් පිටත සිටින දේශපාලන හිතවතකු පත් කිරීම සම්බන්ධයෙන් නීති කෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ මුළු අධිකරණ පද්ධතියම රාජපක්ෂ ජනාධිපතිවරයා යටතට පත් කිරීමක් ලෙසය.