මෙහෙම ගියොත් කතුන්ගේ පයෝධරවලිනුත් බදු... ! MP. Buddhika Pathirana


ආණ්ඩුවේ ගමන් මාර්ගය දෙස බලනවිට තව ටික දිනක් ගතවන විට කාන්තාවන්ගේ පයෝධරවලින් හා වැස්සියන්ගේ කිරිබුරුල්ල වෙනුවෙන්ද බදු අයකරනු ඇති බවත්, මාධ්‍ය සංදර්ශන පවත්වා, අඬබෙරගසා, තොරණ බැඳ පාසල් නිල ඇඳුම් බෙදාදීමේ උත්සවය මහත් උජාරුවට පැවැත්වූ ආණ්ඩුවට, 2013 වර්ෂය සඳහා පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය නිල ඇඳුම් පළමු වාරයේ පාසල් පටන්ගත් පසුවද ලබාදීමට අපොහොසත්වීමෙන් ආණ්ඩුව තවත් වතාවක් තම අකාර්යක්‍ෂමතාව හා නොහැකියාව මනාව ප්‍රදර්ශනය කර අතැයි මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කරයි.

 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පිටවීම, විභාග ප්‍රතිඵල අවුල්, පාසල් පෙළපොත් බෙදාදීම, පාසල් නිල ඇඳුම් බෙදා දීම ඇතුළු අධ්‍යාපනයට අදාළ ජාතික කර්තව්‍යයන්වලදී දිගින් දිගටම ඇනගන්නා ආණ්ඩුවෙ නරිවාදන් රෙද්දපල්ලේ බේරෙන ආකාරය ආසියාවේ ආශ්චර්යයට කදිම නිදසුනක් බවද මන්ත්‍රිවරයා සඳහන් කරයි.

කොළඹ, පොල්හේන්ගොඩ, බෝධි රණසිංහ පදනමේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළකළ බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා, රේඛීය අමාත්‍යවරයා, පළාත් ඇමැතිවරුන්, ඇමැති ලේකම්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් රොත්තක් සිටියදී පාසල් නිල ඇඳුමවත් නියමිත වේලාවට ලබාදීමට නොහැකිවීම ගැන ආණ්ඩුව ලජ්ජාවට පත්විය යුතු බවත්, කඩිනමින් එම නිල ඇඳුම් දරු දැරියන්ට ලබාදීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බවත් කීවේය.

2011 වසරේදී පාසල් සිසුවියන්ට ලබාදුන්නේ හරිහැටි විලිවසාගත නොහැකි කඩදාසි වැනි නිල ඇඳුම් බවත් සිහිපත් කළ පතිරණ මන්ත්‍රිවරයා එම අක්‍රමිකතා දේශපාලන බලපෑම් මත යටපත්කර ඇති බවත්, පැවැසුවේය.

සංස්කෘතිය, දේශීයත්වය, අපේකම ගැන නිරතුරුව පුරසාරම් ‍ෙදාඩවන ආණ්ඩුව, එදා රෙජිස්ට්‍රාර්වරයාගේ නිවෙසේදී නොමිලයේ ලියාපදිංචි කරගත් විවාහයක් සඳහා රු. 750ක්ද, ඉන් පිටතදී රු. 1,000කින් ලියා පදිංචිය කළ විවාහයක් සඳහා රු. 5,000 ගාස්තුවක් අයකිරීමට තීරණය කිරීමෙන් තරුණ පරපුරට රස්සා පිළිබඳ මෙන්ම පරස්තා පිළිබඳවද ප්‍රශ්න ඇතිකර තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Gossip Lanka Hot News Previous News Archive