මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ ප්රමුඛපෙළේ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන නේචර් සීක්රට් බියුටි ක්රියේෂන්හි හොරණ මිල්ලෑවේ පිහිටි වැඩබිමේ සේවක පිරිසකට එම පුද්ලික ආයතනය විසින් පොලීසිය යොදවා පහරදීම සහ වෙඩි තැබීම නිසා තුවාල ලබා රෝහල්ගත කර සිටින කම්කරුවන්ය. ඊයේ (02) සිදුවූ මෙම සිදුවීමෙන් සේවකයන් දස දෙනෙකු තුවාල ලබා තිබේ.
එම පුද්ගලික ආයතනයේ ප්‍රශ්නයට ඔවුන් විසින්ම පොලිසිය කැඳවා ඇති අතර තම දීමනා සහ වැටුප් මුල් කරගනිමින් උද්ඝෝෂණයක නිරතව සිටි සේවකයන් සේවයෙන් පහකර වෙනත් සේවක පිරිසක් එයට අනියුක්ත කර තිබේ.
ඒ සඳහා වෙනත් සේවක පිරිසක් රැගෙන ආ බස් රතයට උද්ඝෝෂණයේ නිරතව සිටි සේවකයන් පහරදී ඇති අතර එම අවස්ථාවේ පොලිසිය අවම බලය පාවිච්චි කරමින් රබර් උණ්ඩ වෙඩි ප්‍රහාරයක් දියත් කළ බවත් බැටන් පොලුවලින් පහරදුන් බවත් වාර්තාවේ. මේ හේතුවෙන් උද්ඝෝෂණයේ නියුතු පිරිස පොලිසියටද ගල්මුල් වලින් ගසා ඇත.
මෙම ආයතනයේ සේවක සේවිකාවන් 130 වඩා වැඩි සංඛ්‍යාවක් වැටුප් හා දිරිදීමනා සම්බන්ධ ගැටලු නිසා පසුගිය දිනවල උද්ඝෝෂණ ක්රීයාමාර්ග වලට අවතීර්ණවී සිටි අතර ප්‍රධානීන් සමග එකගතාවයක් ඇතිකරගන්නට බැරිව සේවකයන් වැඩ වර්ජනයක් දක්වා ගොස් තිබිණි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් කම්කරු කොමසාරිස්වරුන් ඉදිරියේ පැවැත්වුවත් පාලනාධිකාරියෙන් සාර්ථක ප්‍රතිචාර නොලැබුනු අතර සියලු සේවක සේවිකාවන් සේවයෙන් පහ කිරීමට පාලනාධිකරය කටයුතු කර ඇත.
ගැටුමින් පසු කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය නිළධාරීන් 500 දෙනෙකු පමණ යොදවා ඇත.