44 වන ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් බැරැක් ඔබාමා දිවුරුම් දෙයි.ධවල මන්දිරයේ පැවති චාම් උත්සවයදී ඇමරිකානු ජනාධිපතිවරයා සිය දෙවන ධුර කාලය සදහා දිවුරුම් දී තිබේ.අමරිකාවේ අග විනිසුරු ජෝන් ජී රොබර්ට්ස් මහතා ඉදිරියේ ඔබාමා දිවුරුම් දුන් අතර දෙවන වරටත් වචන 35කින් යුත් දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කල බව ඇමරිකානු මාධ්‍ය කියයි.
දිවුරුම් දීමෙන් පසු අගවිනිසුරුවරයා ඇමරිකාන් ජනාධිපතිවරයාට සුභ පතා ඇති අතර පසුව අසලි සිටි මිෂෙල් ඔබාමා සහ දරුවන් දෙදෙනා සුභ පැතූ බව ඇමරිකාන් මාධය වාර්තා කර තිබේ.
මිෂෙල් ඔබාමාගේ මිත්තණිය සතුව තිබී ඇයට පාරම්පරාකව හමුවු පෞරාණික බයිබලයක් මත අත තබා ඇමරිකානු ජනාධිපතිවරයා දිවුරුම් දුන් බවද විදෙස් වාර්ථා සදහන් කර තිබේ.