හතලිස් හතර වැනි අගවිනිසුරු ලෙස පත්කෙරුණු මොහාන් පීරිස් මහතා පිළිගැනීමේ නිල උත්සවය මෙරට ප්‍රධානතම නීතිඥ සංගමය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහභාගිත්වයෙන් තොරව අද (23) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී පැවත්විණි.මෙම උත්සවය පිළිබඳ නීතිඥ එකමුතුවේ කැදවුම්කරු නීතිඥ ජේ.සි වැලිඅමුණ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හැර අග විනිසුරු ධුරයට පත් කෙරෙන වෙනත් කිසිවකු පිලි නොගැනීම ට ශ්‍රීලංකා නීතිඥ සංගමය ගෙන තිබු තීන්දුවට අනුව නීතිඥවරුන් ක්‍රියා කල බවයි.
"සාමාන්‍ය සම්ප්රදාය ,නව අගවිනිසුරුවරයකු පත්කළ විට නිල පිළිගැනීමේ උත්සවය සදහා සහභාගිවන ලෙස එම විනිසුරුවරයා ට ආරාධනා කිරීමයි. මෙහිදී එවැන්නක් නොකෙරුනා පමණක් නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිල ආරාධනයෙන් තොරව මෙවැනි උත්සවයක් මෙරටේ පැවති පළමු අවස්ථාව මෙයයි. එහෙම නම් සිද්ධ වන්නේ කුමක් දැයි කාටත් තේරෙනවා "යයි ද වැලිඅමුණ මහතා පැවසිය .
මෙම උත්සවය පැවති අවස්ථාවේ පොලිස් මුරකා තරකර තිබු බවත් , පොලිසිය හා උසාවියේ ආරක්ෂක නිලධාරීන් විසින් පුද්ගලික මාධ්‍ය කණ්ඩායම් වලට එම අවස්ථාව ආවරණය කිරීමට අවසර නොදුන් පැවසේ..
අදාල උත්සවයේ ඡායාරූප ගැනීම දෙස් විදෙස් මාධ්‍ය වේදීන්ට තහනම් වූ බවද පැවසේ.
ආරක්ෂක අංශ නිලධාරීන් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ඡායාරූප ගැනීම අධිකරණ මාෂල්වරයා විසින් තහනම් කර ඇති බවයි.
ජාතික රුපවාහිනියට සහ ස්වාධින රුපවාහිනියට පමණක් මෙම අවහිරතාව බල නොපෑවේය.
ආරක්ෂක අංශ නිලධාරීන් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ඡායාරූප ගැනීම අධිකරණ මාෂල්වරයා විසින් තහනම් කර ඇති බවයි.
ජාතික රුපවාහිනියට සහ ස්වාධින රුපවාහිනියට පමණක් මෙම අවහිරතාව බල නොපෑවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ,අපරාධ විධි විධාන ව්ශේෂ පනත් කෙටුම්පත පිළිබද විවාදයේදී ඊයේ (22 )සදහන් කර තිබුනේ , මෙරට ඉතිහාසයේ පළමුවරට බැංකු සභාපතිවරයෙකු අග විනිසුරුවරයකු ලෙස පත් කර ඇති බවයි.
නීතිවිරෝධි ලෙස පත්කළ නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළිගැනීමේ සාම්ප්‍රදායික උත්සවයට ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහභාගී නොවන බැවින් එය මනාලිය නැති මංගල්‍යයක් බව ජනතා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සුනිල් වගල මහතා පවසයි.