මඩවලගේ ඉරණම අපිට අත්කරන්න එපා - Prasanna Ranaweera


කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට අත්වූ ඉරණම තමා ඇතුළු මන්ත්‍රීවරු 11දෙනාට අත් නොකරන ලෙස කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා අද (05) මාධ්‍ය අමතමින් පසා තිබේ.

වසරක පටන් තමාටත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් එකලොස් දෙනෙකුටත් බලපෑම්, කරදර හා මැර තර්ජන තිබූ බවත් ඒ බව පොලිස්පතිවරයාට පවා පැමිණිලි කළ බවත් ඒ මහතා පවසයි. එම පැමිණිලිවලින් පළක්වී නොමැති බව මඩවල මහතාගේ ඝාතනය මගින් පෙනීයන බවත් පවසා ඇත.



හසිත මඩවල මහතා බොරු චෝදනා මත හිර කරන්නට උත්සාහ කළ බවත් ඔහුට අත් වූ ඉරණම තමන්ට හිමි නොකරන ලෙසත් ඝාතනය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් පවසා තිබේ.

පසුගිය සමයේ ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයාට ප්‍රසිද්ධියේ චෝදනා එල්ලකරනු ලැබූවේද මෙම මන්ත්‍රීවරන් විසිනි.

Gossip Lanka Hot News Previous News Archive