දෝෂාභියෝගය ඉදිරියටම ගෙන යන්න – President Mahinda Rajapakse

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමුහිකත්වය මේ වන තෙක් පළුදු වී නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අවධාරණය කොට තිබේ.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අවශ්‍ය ඕනෑම මොහොතක සන්ධානයේ එකමුතුභාවය හා ශක්තිය පෙන්නුම් කරන බවයි. එම විශ්වාසය සන්ධානය අත්සන් කළ දා සිට ඒ ආකාරයෙන්ම ශක්තිමත්ව පළුදුවීමකින් තොරව අදටත් එලෙසින්ම පවතින බවද ජනාධිපතිවරයා කියා සිටියේ ය.


පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ.එච්.එම්. අස්වර් මහතා මෙහිදී කියා සිටියේ පවතින වාතාවරණය මත සන්ධානයේ සියලූ දෙනා සාමුහිකව සිටින බවට ප‍්‍රතිඥාවක් දිය යුතු බවයි. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ බව කියා සිටියේ ය.

දෝෂාභියෝගය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් අතරින් විවාදයට සහභාගී වන ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන් සඳහා කාලවේලාවල් වෙන් කර ගැනීමටද ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළ තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ දෝෂාභියෝගය සම්බන්ධ පාර්ලිමේන්තු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන ලෙසය.

මෙම ආණ්ඩු පක්‍ෂ රැස්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්‍ෂවල මන්තී‍්‍රවරුන් ද සහභාගී වී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive