නව අගවිනිසුරු ඉදිරි දින කිහිප තුල - President's spokesman Mohan Samaranayake

අගවිනිසුරු තනතුරට පුද්ගලයකු පත්කිරීම ඉදිරි දින කිහිප ඇතුලත සිදුවිය හැකි බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කරයි.

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු එම තීරණය කථානායකවරයා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දන්වා ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා ඇති පරිදි ඉදිරි පියවර ගැනීම හැර ජනාධිපතිවරයා හට වෙනත් විකල්පයකට ඉඩක් නැතැයි ඔහු ප්‍රකාශ කළේය.


ඇමරිකා එක්සත් ජනපදය සහ පොදු රාජ්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ප්‍රවේශම් සහගත සහ දැඩි සැළකිල්ලෙන් යුතුව තීරණයක් ගන්නා ලෙස ඉල්ලීමක් කොට ඇති නිසා ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇත්දැයි විමසුවිට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ගැන තමන්ට දැන ගැනීමට නැති බවයි.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දොශාභියෝග යෝජනාව ක්‍රියාත්මක කළ ආකාරය නීති විරෝධී නිසා ඇයට දිගටම තනතුරේ රැදී සිටීමට හැකියාව ඇති බවට නීතිවේදීන් ගණනාවක්ම පෙන්වා දී ඇති නිසා ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇත්ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ ඒ ගැන පලවන ප්‍රතිචාරය ගැන යමක් මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බවයි.

Gossip Lanka Hot News Previous News Archive