අරලගන්විල ප්‍රදේශයට ඇඳ වැටුණු උල්කාපාතයේ පාෂාණ කොටස් ඉතා වීරල ගණයේ ඒවා බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.එහි තාරකා විද්‍යාඥ මහාචාර්ය රිචඩ් බ්‍රි හුවර් මහතා පෙන්වා දෙන්නේ, පෘථිවියේ කිසිඳු තැනකින් එවැනි ආකාරයේ පාෂාණයක් හමුවී නොමැති බවය.
ඇමෙරිකාවේ නාසා ආයතනයේ පවත්වන ලද පර්යේෂණයකින් අනතුරුව මහාචාර්ය රිචඩ් බ්‍රි හුවර් මහතා මේ බව දැනුම් දුන් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj70oMmMVjKYwpXyg6yAy7iOg1NTUOwMEt-glQ5VwzqcGPZ77NaibKoX3msv-1LTvDpFn6YJwcnCW78j5imWVSTDKqfP1KGIhLJ83W9iArYZaFjdscuRwI2D-dfBuIqcf_RwN2CFy35HJo/s1600/Polonnaruwa-Aralaganwila-Meteorite-180x113.jpg)
මේ අතර පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයට පසුගිය 29 වැනිදා කඩා වැටුණු උල්කාපාත කොටස්වල තිබී ඩයටම ලෙස තැන්පත් වූ ඇල්ගී කොටස් හඳුනාගෙන ඇති බව එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු සදහන් කළේ කාඩීෆ් විශ්වවිද්‍යාල රසායනාගාරයේදී ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් කරන ලද පරික්ෂණවලදී මේ බව තහවුරු කරගෙන ඇති බවය.
ඒ අනුව පෘථිවියෙන් පරිබාහිරව ජීවය පවතින බවට මෙය ප්‍රථම ජාත්‍යන්තර සාක්ෂිය බව මහාචාර්ය වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
-සබැදි පුවත්-
1. එලොවින් ආ ගල් නිසා කතක් ක්ලාන්ත වෙයි !2.ප‍්‍රදේශ කිහිපයකින් ආකාශ වස්තු හමුවෙයි
3.කවුරුත් නොදැකපු ගලක් කවඩි ඇල්ල ගම්මානයේ නිවසක මිදුල
3. පිටසක්වල ජීවීන් ගැන පළමු සාක්ෂිය ලංකාවෙන්