මහින්ද රාජපක්ෂ "බුල්ඩෝසරයක්'" Rajapaksa is like a bulldozer without brakes " Victor Ivan

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 'බුල්ඩෝසරයක්' මෙන් තමන් ඉදිරියේ ඇති සියල්ල පොඩි පට්ටම් කරමින් සිටින බව 'රාවය්' පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා කියයි.අයිවන් මහතා මේ බව පවසා ඇත්තේ, ප්‍රංශ පුවත් සේවයට රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමිනි.

ජනාධිපතිවරයාට සමීපව සිටි වික්ටර් අයිවන් මහතා, ජනාධිපතිවරා තම සොයුරන් රාජ්‍යයේ ඉහලම තනතුරු වලට පත්කර ගනිමින් රට මෙහෙයවන අකාරයද විග්‍රහකර තිබේ.ශිරානි බන්ඩාරනායක මහත්මිය අගවිනිසුරු පුටුවෙන් එළවා දැමුවේ ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශයට වැඩි බලතල ලැබෙන පනතක් ස‍දහා අනුමැතිය නොදීමෙන් බවද එහි දැක්වේ.


ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ ද දේශපාලන සෙල්ලම් කාරයෙක් ලෙස හදුන්වන අයිවන් මහතා ඔහු ආණ්ඩුවේ තරුණ සංවිධාන සදහා නීති සකසන්නෙක් ලෙසද පෙන්වා දී ඇත.ජාත්‍යන්තර වශයෙන් කෙරෙන බලපෑම් හරහා ජනාධිපතිවරයා තවතවත් ශක්තිමත් වන බව පැහැදිලි වන බවත්, එයට ප්‍රධාන හේතුව ශක්තිමත් විපක්ෂයක් නොමැතිකම බවත් එම වාර්තාවේ සදහන්වේ.

එසේම මෙතෙක් කිසිදු රජයක් ලංකා ආණ්ඩුවට එරෙහිව සම්බාධක මෙන්ම සංචාරක සම්බාධකද පනවා නොමැති බවයි.

වසර 2012 දී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ ගණන මිලියනයකින් ඉහල ගොස් ඇති බවත්, සුළු ආර්ථික පසුබෑමක් වුවද ආර්ථික වර්ධන වේගය 7.2ක් ලෙස පවත්වාගෙනයාමට ලක් රජය සමත්ව ඇති බවද අයිවන් මහතා පෙන්වාදි තිබේ.

මුලාශ්‍රය 


Gossip Lanka Hot News Previous News Archive