මම ෆුට්‌ බෝලයක්‌ වගෙයි " I’m like a football now" Ranil Wickremasinghe

ආණ්‌ඩුව පෙරළීමට  අගවිනිසුරුවරියට බැහැ

අගවිනිසුරුවරියට වත්මන් ආණ්‌ඩුව පෙරළිය නොහැකි බැවින් තමන් උසාවි ගොස්‌ කාලය නාස්‌ති කර නොගත් බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 වැනිදා) පැවසීය.
පෞද්ගලික මාධ්‍යයට ද ආණ්‌ඩු පෙරළිය නොහැකි බව කී විපක්‍ෂ නායකවරයා වත්මන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව පෙරළිය හැක්‌කේ එක්‌සත් ජාතික පක්‍ෂයට පමණක්‌ බව ද කීය.එජාපයට නව සාමාජිකයන් බඳවා ගැනීමට සහ පක්‍ෂ සාමාජිකත්වය අලුත් කිරීම සඳහා සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ පැවැති සාමාජික කාඩ්පත් ප්‍රදානෝත්සවයේදී හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.


"ආණ්‌ඩුව පාරට දාන්න අගවිනිසුරුවරියට බැහැ. ඒක පුළුවන් එක්‌සත් ජාතික පක්‍ෂයට විතරයි. ඒකයි මම උසාවි ගිහින් කාලය නාස්‌ති කර ගත්තේ නැත්තේ. අපි උසාවි නොගියාට ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වෙත් එක්‌සත් ජාතික පක්‍ෂය හරි කියලා.

ගිය සතියේ අපි උසාවි ගියේ නැහැ කියලා අපිට කෑගැහුවා. මාධ්‍යය අපිට ගැහුවා. අපි මොකටද උසාවි යන්නේ? ඇයි එය මාධ්‍යය පාවිච්චි කළේ? ඒ දිවිනැඟුම පනතයි අනෙක්‌ ඒවායි අමතක කරවන්නයි. මාධ්‍යයට මම දොස්‌ කියන්නේ නැහැ. ලැප්ටොප්, වාහන ණය දෙනකොට ආණ්‌ඩුවත් එක්‌ක කෑම කනවා නම් මාධ්‍යයත් කැමැතියි මේ ආණ්‌ඩුව ගෙනියන්න.

මාධ්‍යයට බැහැ ආණ්‌ඩුව වට්‌ටන්න. පෞද්ගලික මාධ්‍යයට මේ ආණ්‌ඩුව තියාගන්න ඕනෑ. අපේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට මම කියන්න කැමැතියි බය නැතුව කතා කරන්න කියලා. පෞද්ගලික මාධ්‍යවලට බය වෙන්න එපා. ඒ අයට ඕන විදිහට කතා කරන්නත් එපා.

දැන් මට මාධ්‍යය ගහනවා. හැබැයි මම ෆුට්‌ බෝලයක්‌ වගෙයි. මම තදින් ගහන කොට මම වැඩියෙන් උඩට යනවා යෑයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.




Gossip Lanka Hot News Previous News Archive