කෝච්චිවල මාල කඩපු 'රත්තරන්' පාර්ලිමේන්තුවේ - Ranjan Ramanayake

රත්තරං’ නැමැති නම දරා දැන් පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරයා කලින් දුම්රියේ මාල කැඩූ අයෙක් බව එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක කියයි.

ඔහු මේබව පවසා ඇත්තේ සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.මේ අමාත්‍යවරයාට අල්ලස් හා දූෂණ කොමිසමේ නඩුවක් ඇති බවත්, ඒ කෝටි 45ක් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් බවත් රන්ජන් සඳහන්කර ඇත.අල්ලස් හා දූෂණ කොමිසම එම නඩුව විභාග කිරීමට අදාල ඇමතිවරායට පැමිණෙන ලෙස දැනුම්දුන් දිනයේදී ඔහුට සර්පයෙක් දෂ්ට කළ බවද ඔහු පවසා ඇත.කෙසේවුවද ඇමතිවරයාට සර්පයා ද්ෂට කර ඇත්තේ වායුසමනය කළ ගෙයක් තුළ සිටියදී බවද රන්ජන් හෙළකර තිබේ.පසුව අදාල නඩුවට වූ දෙයක් අදටද නොදන්නා බවද රන්ජන් පවසා ඇත.එසේම පාර්ලිමේන්තුවේ තමාගේ ඉදිරිපස සිටින්නේ හරහොරෙක් බවද ඔහු සඳහන්කර තිබේ.

 
වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රිවරු 225 දෙනාගෙන් බහුතරයක් සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව හිරේ බව රන්ජන් රාමනායක සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රිවරුන්ගෙන් අතිමහත් බහුතරයක් හරක් හොරු, ගංජා විකුණන පුද්ගලයන්, කුඩු බිස්නස්කාරයන්, මිනීමරුවන්, කප්පම්කාරයන්, ව්‍යාජ ලිපි ලේඛන සැකැසූ පුද්ගලයන් සහ හොරු බව ඔහු කියා සිටී.

මේ පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවා විනිවිද පෙනෙන නිවැරැදි ක‍්‍රමවේදයක් හරහා දඬුවම් ලබාදීම සිදුකළහොත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රිවරුන්ගෙන් 200කට වැඩි පිරිසක් මේ වන විට සිටිය යුත්තේ බන්ධනාගාරගතව බවද ඔහු සදහන් කර තිබේ.

හරක් හොරු, මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ, කප්පම්කාරයෝ, කුඩුකාරයෝ, දූෂිතයෝ ඉන්නේ ආණ්ඩුවේ විතරක් නෙවෙයි. මේ ජාතියේ අය යූ.එන්.පී. එකේ ජේ.වී.පී. එකේ දෙමළ ජාතික සන්ධානෙ විතරක් නෙවෙයි හෙළ උරුමෙත් ඉන්නවා.


                                      ----------------සම්පුර්ණ සාකච්චාව පහතින් ---------------

පාර්ලිමේන්තුව උත්තරීතරද?
ඔව්.


හදවතට එකඟවමද එහෙම කියන්නේ?
ඔව්. ඇයි එහෙම අහන්නේ.

ඇයි ඒ කියලා කියන්නම්. ඊට කලින් කියන්න ඒ උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් වීම ගැන මොකද හිතෙන්නේ?
ලොකු සතුටක්.


ඒ කියන්නේ හරක් හොරුත් එක්ක එකට ඉන්න එක ලොකු සතුටක්ද?
ආ හරි මට දැනුයි තේරුණේ. හැබැයි ඔය කතාව මම විතරක් නෙවෙයි කිව්වේ.


මොන කතාවද?
මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ හරක් හොරු, මිනීමරුවෝ, කුඩුකාරයෝ, ගංජාකාරයෝ, කප්පම්කාරයෝ, ව්‍යාජ ලිපි ලේඛන හදපු අය ආදී එකී නොකී දහජරා වැඩ කරන බහුතරයක් දෙනා ඉන්නවා කියලා.


ඔය වගේ මිනිස්සු ඉන්න තැනක් උත්තරීතර වෙන්නෙ කොහොමද?
පාර්ලිමේන්තුවේ ඉන්න 225න් විශාල ගාණක් ඔය වගේ අය. ඒ අය උත්තරීතර පාර්ලිමේන්තුව විනාශ කරලා.


පාර්ලිමේන්තුවෙ ඉන්න කුඩුකාරයෝ, කප්පම්කාරයෝ, හරක් හොරු ගැන කියපු අනිත් අය කවුද?
ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ, රත්නසිරි වික්‍රමනායක, විදුර වික්‍රමනායක, නන්දිමිත්‍ර ඒකනායක, සී.බී. රත්නායක වගේම චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනියත් ඔය ගැන කිව්වා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති මහින්ද රාජපක්ෂත් ඊයේ පෙරේදා කිව්වා වැරැදි කරන අයට තරාතිරම නොබලා දඩුවම් දෙනවා කියලා.


ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ කියපු හරක් හොරාද ඔබේ ඉදිරිපස සිටින්නේ?
පාර්ලිමේන්තුවේ ගැලරියට එන ඕනම කෙනෙක්ට ඒක දකින්න පුළුවන්. සෝභිත හාමුදුරුවෝ ඒ චෝදනාව කළේ කාටද කියලා මුළු රටම දන්නවානේ. මං පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉස්සරහ බලාගෙන ඉන්නකොට මට පේනවා හරක් හොරෙක්ව. හැබැයි ඔහුව පාර්ලිමේන්තුවට එව්වේ මිනිස්සු.


එතකොට මිනිස්සුද වැරැදි?
නෑ. හැබැයි මිනිසුන්ටත් වගකීමක් තියෙනවා.


ඒ මොකක්ද?
ඔය හරක් හොරු, මිනීමරුවෝ, ගංජාකාරයෝ හැමෝම ඡන්දෙට කලින් මිනිසුන්ගේ දෙපාමුලට යනවා. කාඩ් එකක නමයි, මූණයි, අංකෙයි ඔක්කොම ගහලා දෙනවා. ඒ වෙනකොට ඔහුට තියෙන වත්කම් මොනවාද වාහනේ මොකක්ද ගේ කොහොමද කියලා මිනිස්සු දන්නවා. ඊට අවුරුදු ගාණකට පස්සේ තමන්ගේ ඡන්දේ ඉල්ලගෙන ආව මිනිස්සු බයික් එක, ත්‍රීවීල් එක අතඇරලා ලැම්බෝගිනි, ඇස්ටින් මාටින්වලින් යන්නේ කොහොමද කියලා මිනිස්සු හිතන්න ඕනි.


මිනිස්සු විතරද වගකියන්න ඕනේ?
නෑ. නෑ. මං එහෙම කියන්නේ නෑ. අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා "රත්තරං" කියලා කෙනෙක්. ඔහුට රත්තරං කියන්නේ කෝච්චිවල මාල කඩපු හින්දා. ඒත් අද මේ මනුස්සයා ඇමැති කෙනෙක්. මේ ඇමැතිවරයාට අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවෙ නඩුවක් තියෙනවා කෝටි 45ක් අයථා විදිහට උපයාගත්තා කියලා. අල්ලස් හා දූෂණ කොමිසමෙන් මේ නඩුව විභාග කරන්න එන්න කියපු දවසේ මේ ඇමැතිවරයාට සර්පයෙක් දෂ්ට කරනවා. හැබැයි සර්පයා ඇමැතිට දෂ්ට කරන්නේ ඒ.සී. කරපු ගෙයක් අස්සේ ඉන්නකොට. ඊට පස්සේ ඒ නඩුවට අදටත් වෙච්ච දෙයක් නෑ.


ඒත් ජනාධිපතිතුමා කියන්නේ වැරැදි කරන අයට තරාතිරම නොබලා දඬුවම් කරනවා කියලා.
එහෙම නම් මර්වින් සිල්වා කොහොමද කියන්නේ මං කැලණියෙන් අස් වුණේ තාවකාලිකව කියලා. මේ ඇමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු 12 දෙනාට චෝදනා එල්ල කරනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු ඇමැතිට චෝදනා එල්ල කරනවා. මේ දිහා බලන් ඉන්න මිනිස්සු කියනවා දෙගොල්ලොම හොරු කියලා. ඒ විතරක් නෙවෙයි.


එහෙනම්....
ව්‍යාපාරිකයන්ගේ ඔළුවට පිස්තෝලෙ තියලා ගෙවල් ලියවා ගත්ත ඇමැතිවරුත් ඉන්නවා. මං දන්න එක ඇමැතිවරයෙක් එයා දැන් ඉන්න... පාරේ ගෙදර පිටරට ඉන්න ලාංකික දෙමළ ව්‍යාපාරිකයෙක්ට අයිති එකක්. ඇමැතිවරයා මේ ව්‍යාපාරිකයගේ ඔළුවට පිස්තෝලේ තියලා තෑගි ඔප්පුවකින් මේ ගේ ලියාගත්තේ. නීතිය ඉදිරියට ගියත් එතැනදී අසරණයි. මොකද ඇමැති කියන්නේ මේක මට තෑගි ඔප්පුවකින් ලැබුණු එකක් කියලා. මේ ඇමැතියා එහෙම ගෙවල් ලියවාගන්න කොට වෙන ඇමැතිවරයෙක් නිවාස ව්‍යාපෘතියකින් කප්පම් ගන්නවා.


ඒ කවුද?
ඒ ඇමැතිවරයත් ගේ බලෙන් ලියාගත්ත ඇමැතියා ඉන්න දිස්ත්‍රික්කෙම තමයි. ගම්පහ දිස්ත්‍රික්කයේ කරපු නිවාස ව්‍යාපෘතියකින් ඇමැතිවරයා කප්පම් ඉල්ලුවම කප්පම් දීලා තවත් කප්පම් ඉලුල්වහම බේරෙන්න බැරිම තැන නිවාස ව්‍යාපෘතිය කරපු අය කළේ ආණ්ඩුවේ ඉහළම තැනකට මේ ගැන කියපු එක. එතකොට එතැනින් කළේ දෙගොල්ලොම ගෙන්නලා සාමදාන කරපු එක. ඒකෙන් වුණේ වැරැදි කරපු මිනිහට දඬුවම් කරපු එක වෙනුවට ඒ මිනිහට රැකවරණයක් දීපු එක.



හරක් හොරු, මංකොල්ලකාරයෝ, කප්පම්කාරයෝ ඉන්නේ ඔබේ ඉදිරිපස විතරද?
නෑ, මගේ ඉදිරිපස වගේම වම්පස, දකුණු පස විතරක් නෙවෙයි පිටුපසත් ඔය කියන ජාතියේ අය ඉන්නවා. මගේ පිටිපස්සේ ජාත්‍යන්තර මට්ටමේ හොරු ඉන්නවා. හරක් හොරු, මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ, කප්පම්කාරයෝ, කුඩුකාරයෝ, දූෂිතයෝ ඉන්නේ ආණ්ඩුවේ විතරක් නෙවෙයි. මේ ජාතියේ අය යූ.එන්.පී. එකේ ජේ.වී.පී. එකේ දෙමළ ජාතික සන්ධානෙ විතරක් නෙවෙයි හෙළ උරුමෙත් ඉන්නවා. විපක්ෂෙ අය කප්පම් ගන්නෙ හරි පුදුම විදිහට.


ඒ කොහොමද?
මොනවා හරි ප්‍රශ්නයක් ගැන බොහොම තදින් පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න කරන විපක්ෂෙ මන්ත්‍රිට ඒ ප්‍රශ්නෙට ලක්වෙලා ඉන්න පාර්ශ්වය කතා කරනවා. ඊට පස්සෙ කියනවා ඔයාගේ එකවුන්ට් එකට මිලියන මෙච්චර ගාණක් දාන්නම් ඕක අදින්න එපා කියලා. ඊට පස්සෙ ඒ මන්ත්‍රිගෙ කට නිකම්ම වැහෙනවා.


එතකොට ඔබ
ඔව් මං.

බෝධිසත්වයෙක්ද?
මම කියන්නෙ නැහැ මං බෝධිසත්වයෙක් කියලා. හැබැයි මේ රටට, සමාජයට, මිනිසුන්ට මූණ දෙන්න බැරි වැරැදි මං කරලා නෑ. මගෙත් පුංචි පුංචි වැරැදි අඩුපාඩු ඇති. ඒත් මං සමෘද්ධි සල්ලි හොරකම් කරලා නෑ. සුනාමි සල්ලි හොරකම් කරලා නෑ. මම ඉන්නෙ මාසෙකට රු.1,000ක් කුලී ගෙවන මන්ත්‍රි නිල නිවාසෙ.


ඒ හින්දා විතරක් පුළුවන්ද අනිත් අයට ඇඟිල්ල දික් කරන්නේ?
මං ඔබට එක උදාහරණයක් කියන්නම්. මං මගේ නිවැරැදිම වත්කම් - බැරකම් ප්‍රකාශය කතානායකතුමා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් 224 දෙනොගෙන් කී දෙනෙක් තමන්ගේ නිවැරැදි වත්කම් - බැරකම් ප්‍රකාශය දීලා තියෙනවාද කියලා මං ප්‍රශ්න කරනවා. මම 100%ක්ම නිවැරැදි නැහැ. හැබැයි මං අනික් අයට ඇඟිල්ල දික් කරන්නේ එහෙම දික් කරන්න නම් මා තුළ තිබිය යුතු දේ තියාගෙනයි. එහෙම නැතුව අගවිනිසුරුවරියගේ දූෂණ හොයන්න පත්කරපු පාර්ලිමේන්තු කමිටුවේ හිටිය කෙනෙක් වගේ නෙවෙයි.


කවුද ඒ කෙනා?
ඇමැතිවරයෙක් තමයි.


මොකක්ද ඔහු කරලා තියෙන්නේ?
ඒ ඇමැතිවරයාට කුරුණෑගල ලොකු ගේකුයි විශාල වත්තකුයි තියෙනවා. ඔහුට ඒක ලැබුණේ ලලිත් කොතලාවලගෙන්. කොතලාවල ඒ ගේයි වත්තයි ඔහුට දීලා තියෙන්නේ සෙලින්කෝ ප්‍රශ්න අදින්න එපා කියලා. අගවිනිසුරුවරියගේ වංචා දූෂණ හොයන්න පත්කරපු පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රධානියකුගේ තත්ත්වය ඕකයි.


ඒ ඇමැතිවරයා විතරද වැරැදි?
ඔහු විතරක් නෙවෙයි. ඒ කමිටුවේ හිටිය අනෙක් අය විතරකුත් නොවෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් බහුතරයක් නීතිඥයෝ. ඒ නීතිඥයෝ කියන්නේ හොරුත් එක්ක වැඩ කරලා පුරුදු හොරුන්ගෙත් හොරු කම්බා හොරු. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා ගැන හරියට හොයලා ඒ අය කරපු වැරැදිවලට දඬුවම් දුන්නොත් බහුතරයක් ඉන්න ඕනි පාර්ලිමේන්තුවේ නෙවෙයි හිරේ.


ඇයි එහෙම නොවන්නේ?
කොහොමද එහෙම වෙන්නේ. එහෙම වෙන්න නම් චින්තනමය වෙනසක් වෙන්න ඕනි. ඉස්සර හොරකම් කරනවා කියන්නේ මහා ලජ්ජාවට කරුණක්. ඒත් දැන් වැඩියෙන්ම හොරකම් කරන මිනිහට සමාජය කියන්නේ "මාර පොරක්" කියලා.


මං ඒකට උදාහරණයක් කියන්නම්. දැන් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරයෙක් මාර පොරක් වෙලා තියෙන්නේ කෝටි 6,000ක් හොරකම් කරලා. ඒ ගුවන් සමාගමකින්. මාර පොරක් කියලා විතරක් නෙවෙයි මට ඇහිලා තියෙනවා මිනිස්සු කියනවා "ඒ මනුස්සයා කෝටි 6,000ක් ගහලා හෙලිකොප්ටර් දෙකකුත් අරං" කියලා.




අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කප්පම්කාරයෝ, මිනීමරුවෝ, හරක් හොරු, කුඩුකාරයෝ වගේ අය විතරද?
නෑ. හොරකම් කරන්න ලැජ්ජාවේ ණය වෙලා ඉන්න හිටින්න තැන් පවා නැති වෙච්ච ඉතාම අතළොස්සක් මෙතැන ඉන්නවා. මට ඒ අය ගැන ඇත්තටම කනගාටුයි


ඒ ගැන විතරද කනගාටු?

අපොයි නෑ. අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා කැති ගහලා මරා දාන්න නායකත්වය දුන්න මනුස්සයා දිහා බලාගෙන එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ ඉන්න හැටි දැක්කහමත් හරිම කනගාටුයි.




ඒ විතරක් නෙවෙයි මිනිස්සු 100ක් හරි මරලා රජයේ සාක්ෂිකාරයෙක් වුනොත් මේ රටේ ප්‍රධාන පක්ෂෙක උප සභාපති වුනත් වෙන්න පුළුවන් කියලා ඒකෙන් ඔප්පු වෙනවා.


උපුටා ගැනීම  -මව්බිම 


Gossip Lanka Hot News Previous News Archive