අලියා ලකුණ යටතේ ජනාධිපති පුටුව හම්බන්තොටට ගේනවා - Sajith Premadasa

අලියා ලකුණ යටතේ ජනාධිපති පුටුව හම්බන්තොටට ගෙන ඒම තමාගේ එකම අරමුණ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා කීය.ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අත්තනයාල නැඟෙනහිරදී පැවැති රැස්වීමකදීය.

කුඩා දරු දැරියන් පිරිසකට ටිකිරි ළමා ගිණුම් පොත් සහ පාසල් උපකරණ බෙදාදීම නිමිත්තෙන් මෙම රැස්වීම පැවැත්විණි.එහිදී තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.සජිත් ප්‍රේමදාස මේ රටේ දුක් විඳින පුංචි පන්තියේ ජනතාවට සේවයක් කරන විට එහි ගෞරවය හිමිවන්නේ එජාපයට ඡන්දය දී මාව මන්ත්‍රිවරයෙක් කළ හම්බන්තොට ජනතාවටයි. ඒ වගේම මගේ මේ සංවර්ධන වැඩසටහන් තුළින් එජාපය ගෞරවයට ලක්වෙනවා.

ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් සේවය කළ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කළ ජනතා සේවය ඉදිරියටත් කරගෙන යනවා.රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනතාව වෙනුවෙන් සංවර්ධන වැඩ කරන විට නොයෙකුත් ප්‍රශ්න ආවා. ඒත් එතුමා තම මෙහෙවර නතර කළේ නැහැ.
එතුමාට ගල්මුල් එල්ල වුණා සේ මටත් ගල් මුල් එනවා. එම ගල්මුල් එකතු කර එජාපයේ දේශපාලන යාන්ත්‍රණය මා සවිමත් කරනවා.මගේ මේ සංවර්ධන වැඩ සහ සුබසාධන වැඩපිළිවෙළ යටතේ එජාපයේ ජනාධිපතිවරයෙක් බිහිකරනවා.මෙහිදී දකුණු පළාත් සභා මන්ත්‍රි නිමල් ලාල් චන්ද්‍ර මහතාද තවත් කීප දෙනෙක්ද කතා කළහ.

Gossip Lanka Hot News Previous News Archive