සාලියපුරට නිල් වැස්සක්: ජල සාම්පල වල ඊයම් " Saliyapura Blue Rain "

දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලට පසුගිය කාලය තුළ විවිධ වර්ණයන්ගෙන් යුත් වර්ෂාවන් පතිත වු අතර අනුරාධපුර සාලියපුර බණ්ඩාරපුලියන්කුලම ප‍්‍රදේශයට ප‍්‍රථම වතාවට පසුගිය 03 වන දා දහවල් කාලයේ නිල් පැහැයෙන් යුතු වර්ෂාවක් පතිත වු බව බණ්ඩාරපුලියන්කුලම පදිංචි සිරිසේනගේ වසන්ත මහතා පැවසීය. 
ඒ මහතා විසින් වර්ෂාවෙන් එක්රැස් කරන ලද ජලය 05 දා දහවල් පරීක්‍ෂණ කටයුතු සදහා අනුරාධපුර කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුවට භාරදෙනු ලැබීය. අංක 50 බණ්ඩාරපුලියන්කුලම අනුරාධපුර පදිංචි සිරිසේනගේ වසන්ත (46) මහතා එක්රැස් කරගන්නා ලද නිල් පැහැති ජලය පසුගිය 03 වනදා දහවල් 11.30 ට පමණ ප‍්‍රදේශයට ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඇද වැටෙන්නට ඇති බවට ඔහු අනුමාන කරයි.


මේ සමීබන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වසන්ත මහතා. 03 වනදා මම ට‍්‍රැක්ටරේ වැඩ කරලා ගෙදර ඇවිත් මුණ සෝද ගන්න වතුර එකක් ගත්ත අවස්ථාවේ තමයි මව වර්ෂාවෙන් වැටෙන වතුර එක්රැස් කරන්න තියපු බේසමකට මෙම නිල් පැහැති ජලය එක්රැස් වී තිබුණේ. දැනට තියන පාටට වඩා තද නිල් පාටක් මෙම ජලයේ තියෙන්න ඇති කියලා මම හිතනවා. මොකද නිල් පැහැති ජලය පිරුනටත් පස්සේ ආපහු තදින් වර්ෂාවත් ප‍්‍රදේශයට ඇදහැලූණා. නිල් පැහැති ජලය විනාඩි 03 ක වඩා වැඩි කාලයක් වැටිලා නෑ කියලා මම හිතනවා. වත්තේ තැන් තැන් වල නිල් පැහැති ජලය තිබ්බා.

රතු කහ කොළ වර්ෂා ගැන පසුගිය දින කිහිපයේදීම මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුනත් නිල් පැහැති වර්ෂාවක් වැටුණු පළවෙනි අවස්ථාව මේක වෙන්නැති කියලා මම හිතනවා. මම මේ සම්බන්ධයෙන් ග‍්‍රාම නිලධාරි චුලක මහතාටත් දැන්වුවා. ඒ මහත්තයා කිවුවා මේ වතුර බෝතල් සාමීපල අරගෙන කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුවට දෙන්න කියලා.

ඔහු විසින් එක්රැස් කරගත් ජල සාම්පල වලද ඊයමී පැහැති ඝන ද්‍රව්‍යයක්ද දැක ගත හැකි විය. මීට දින 10 කට පමණ ඉහතදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශාවස්තිපුර සාලියපුර තිරප්පනේ මරදන්කඩවල මහඉලූප්පල්ලම කහටගස්දිගිලිය හොරවීපතාන යන ප‍්‍රදේශ වලට කහ සහ කොළ පැහැති වර්ෂාවන් වැටුණු බවට වාර්තා විය.



උපුටා ගැනීම-ලක්බිම පුවත් 

 නිල් පැහැති ජලය පෙන්වන එස්. වසන්ත මහතා (46) මහතා සහ දියණිය





 -සබැදි පුවත්-

Gossip Lanka Hot News Previous News Archive