මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පැවසිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි කටයුතු පිළිබඳව අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙනයාම නව කමිටුවේ අපේක්ෂාව බවද ඔහු කීය. සභාපති වූ විට ක්‍රීඩා කරන්නට හෝ විස්තර ප්‍රකාශ කරන්නට අවසර නැති බව කී ඔහු හෂාන් වැනි අය තේරුම් කමිටුවට ගැනීම පිළිබදව ඇමතිවරයාට ස්තූති කරන බවද පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි කටයුතු සඳහා පූර්ණ කාලීන සාමාජිකයෙකු ලෙස හෂාන් තිලකරත්න පත්කර ඇති බව පවසන ඔහු ක්‍රිකට් ක්‍රිඩාව යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නොවන බව මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ක්‍රීඩාවට කිසිසේත්ම දේශපාලනය අවශ්‍ය නොවන මතයේ අප සියලූදෙනාම සිටින බව නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික හෂාන් තිලකරත්න එහිදී කියා සිටියේය. සමහර කාලවලදී වැරදි පූර්වාදර්ශ ලබා දුන් අය සිටි බවත් ක්‍රීඩාවට දේශපාලනය අදාල කරගැනීම නොකළයුතු බවත් ඔහු ද පැවසීය.