තුන්වන ටෙස්ට් තරඟයද ලංකාව පරදී - Sri Lanka Lost The Test Series 3-0

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර එරට සිඞ්නි ක‍්‍රිකකට් බිටියේදී පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟයෙන්ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 05ක පරාජයක් හිමිවිය.
තරඟ තුනකින් සමන්විත වූ මෙම වෝන්-මුරලි කුසලානයේ පෙර තරඟ දෙකද ශ‍්‍රී ලංකාව පරාජය වී තිබූ අතර මෙම තරගයේ පරාජයත් සමඟ 3-0ක් ලෙස සම්පූර්ණ තරඟාවලි පාරාජයක් ශ‍්‍රී ලංකාවට හිමිවිය.
තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය මුල් ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 294ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුළු 9කට ලකුණු 432ක් ලබා සිය ඉනිම අත්හිටවීය.
සිය දෙවන ඉණිම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 278ක් ලබා ගත් අතර ජයග‍්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 141 කඩුළු 05ක් පමණක් දැවී ලබා ගනිමින් තරඟයේ දිනක කාලයක් ඉතිරිව ජය ගන්නට  ඕස්ටේ‍්‍රලියානු නවක ක‍්‍රීඩකයන් සමත් වූහ.







Gossip Lanka Hot News Previous News Archive