සෞදියේ ශ්‍රී ලංකා තානාපති වහා කැඳවයි - Sri Lanka recalls its Ambassador in Saudi Arabia

රිසානා නාෆීක් ඝාතනයට විරෝධය පළකරමින් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා වහා ක්‍රියාත්මක වන පරිදි යළි මව්බිමට කැඳවා ඇති බව විදේශ කටයුතු ලේකම් කරුණාරත්න අමුණුගම මහතා පවසයි.වසර 7 ට ආසන්න කාලයක් සෞදියේ සිරගතව සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක වන රිසානා නෆීක්ට ඊයේ දිනයේ මරණ දඬුවම ලබාදී ඇය ඝාතනය කරන ලදී.
ඇයට නිදහස ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක් අවස්ථා කිහිපයකදීම සෞදි රජුගෙන් ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.රිසානා නෆීක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමන් දැඩි කනස්සල්ලට පත්වූ බව යුරෝපා සංගමයද නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී තිබුණි.

Gossip Lanka Hot News Previous News Archive