ගණිකාවෝ තමයි නිළියෝ වුණේ - Sunanda Silva

ගම-අනුරාධපුර
ඔයා මෙගා රචකයෙක් මොනවද කරපු මෙගා? සරා, මලී, සිහිනයකි ගීතය

මෙගා කියන්නෙ ෆීල්ඩ් එකේ ඉන්න අයම කරන සල්ලි හම්බ කරන ප්‍රොජෙක්ට් එකක්ද?

ජීවත්වෙන්න මිනිසුන්ට සල්ලි ඕන. නළු නිළියොන්ට, අධ්‍යක්‍ෂවරුන්ට ක්‍ෂේත්‍රයේ හැමෝටම සල්ලි ඕන. ඉතින් තමන් කරන වෘත්තියෙන් තමයි ඔවුන් ජීවත් වෙන්නෙ. ඉස්සර වගේ නෙවෙයි දැන්, කොටස් අඩුගාණක ටෙලි නාට්‍යයක් විකාශය කරන්න තියෙන්නෙ නාළිකා අඩුගාණක් විතරයි. සමහර නාළිකා සල්ලි ගෙවන්නෙත් කොටස් 50ක නාට්‍යයක කොටස් 40ක් ප්‍රචාරය වුණාටත් පස්සෙ. ඒ නිසා මේක ප්‍රොජෙක්ට් එකක් කියන එක වැරැදියි.


මොකක්ද මේ මෙගාකරන්නෙ හෝමෝසෙක්ස් කරන අය කියල ගොසිප්වල තිබුණෙ?


ඒ ඉතින් ගොසිප්නෙ. එහෙම අයත් ඇති, නැති අයත් ඇති. ඒත් මම දන්න තරමින් නම් මෙහෙම අය නෑ. ගොසිප්වලට ඕන දෙයක් කියන්න පුළුවන්නෙ.
මෙගාවල ඉන්නෙ සීනි බෝල වගේ නළුවො, නිළියො ඇයි එහෙම වෙලා තියෙන්නෙ?
අපි ටෙලි නාට්‍යයක් රචනා කරද්දි අපිට පනවපු වාරණ ගණනාවක් තියෙනවා. ආගමික නායකයෙක් සම්බන්ධ කරගෙන මුකුත් ලියන්න බෑ, අමාත්‍යවරයෙක්, රජයේ නිලධාරියෙක්, දේශපාලනඥයෙක් මුල් කරගෙන මුකුත් ලියන්න බෑ. ඒ නිසා ඉන් පරිබාහිර චරිත සම්බන්ධ කරගෙන තමයි අපිට ලියන්න වෙන්නෙ. ඉතින් බලන්න එතකොට හැමෝටම ලියන්න වෙන්නෙ එක්කො ගාර්මන්ට් එකක අයිතිකාරයෙක් ගැන එහෙමත් නැත්නම් දුප්පත් කොල්ලෙක් සල්ලිකාර කෙල්ලකගෙ ආදරය දිනාගන්නව වගේ වැඩක්. එතකොට හැමෝම කියනව ඒකාකාරීයි කියල. අපේ අත්දෙක බැඳල තමයි ලියන්න කියල තියෙන්නෙ. ඉතින් ලොකු ලොකු දේවල් කරන්න පුළුවන් චරිත එකතු කරගන්නෙ නැතුව තමයි අපිට චරිත ගොනුකරගන්න වෙන්නෙ. එහෙම වුණාම මෙහෙම දේවලට මුහුණ දෙන්න වෙනවා.

ඔයා මෙගා කතා ලියන්නෙ කාටද?

අපි ළඟ තියෙන කතා එකතු කරගෙන තමයි කතා ලියන්නෙ. මම අනුරාධපුර මාර්කට් එකේ එළවළු වික්කා, දේශපාලනය කළා, මැති ඇමැතිවරු ආශ්‍රය කළා, ඒ අයගෙ ඇත්ත බොරු මම හැමදෙයක්ම දන්නවා. කොළඹ ඇවිල්ල ගෙදර යන්න බස් නැතුව පිටකොටුවෙ ඉන්න කොට ඒ ජීවිත ගැන දැනගත්ත. ඒ දේවල් පදනම් කරගෙන තමයි මම මේ හැම දෙයක්ම ලියන්නෙ.

බබා හම්බවුණාම නිළියෝ අතුරුදන් වෙන්නයි, නළුවො රට ගියාම කතාව වෙනස් වෙන්නයි හේතුව මොකක්ද?

අනිත් අය කරන මෙගා නාට්‍ය ගැන නම් මම දන්නෙ නෑ. ඒත් මම මුල මැද අග ඔළුවෙ තියාගෙන ලියන්නෙ. ඔතැන ගැටලුව වෙලා තියෙන්නෙ ර්ථීපධඤභජබඪධද එකක් එක්ක නළු නිළියො ගැටලු ඇතිකර ගැනීම. නමුත් මගේ නාට්‍ය ඇතුළත එහෙම දේවල් වෙලා නෑ.

මෙගා ඉවර වෙන්නෙ කවද්ද?

සියලු දේ අනිත්‍යයයිනෙ, තවත් දෙයක අලුත් ආරම්භයක් ඇතිවුණාම මෙගා ඉවරවෙයි.

ඔයාලා අපේ පරමාදර්ශ වගේ තිබුණු තාත්තා කියන කෙනා ජෝකර් කෙනෙක් කළා නේද?

මගේ කතා ඇතුළෙ කිසිම කෙනෙක්ව මම ජෝකර් කෙනෙක් කළේ නෑ. මම කතාවක් ලියන්නෙ යම් ප්‍රමිතියක් ඇතුව. යම්කිසි චරිතයකට ආගමකට හානියක් වෙන කිසිම දෙයක් මම ලියන්නෙ නෑ.

මෙගාවල රඟපෑවට වඩා හොඳයි නිකං හිටියනම් කියන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ නළුවො තවමත් ඉන්නවා.
මේව කියන්නෙ මෙගාවල රඟපාන්න ඛ්ඩචදජඥ එකක් හම්බවෙන්නෙ නැති අය. ඉස්සර කොටස් 30 - 40 නාට්‍ය කරපු දවස්වල මේ ගොල්ලො ර්ථීපධඤභජබඪධද වෑන් එක මේ අයව ගේන්න යද්දි මේ අය නිදි. එහෙමත් නැත්නම් මූණ හෝදනවා. පස්සේ කාලෙක මේ අයට අවස්ථාව නැතිවෙලා ගියා. එහෙම අයට තවමත් අවස්ථාව නැතුව ගිහින් තියෙනවා. අවස්ථාව නොලැබුණු අය තමයි එහෙම කියන්නෙ.

මෙගා නාට්‍යවලින් ලබාදෙන පරමාදර්ශය මොකක්ද?

මේවට කියන්නෙ ඉධචන ර්ණීනඥපච කියල. ඒවායින් පේන්න තියෙන්නෙ සිද්ධි දාමයක්. මගේ නාට්‍යවලින් යහපත් ආදර්ශයක් දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.

අම්ම, තාත්ත, පෙම්වතා, පෙම්වතිය, යාළුව වගේ වෙනමම හැදුණු ආකෘතියක් මෙගා නාට්‍යවලට තියෙනව නේද?

ඉස්සෙල්ලත් කිව්ව වගේ අනිත් අය ගැන නම් මම කියන්න දන්නෙ නෑ. මගේ දේවල් ඇතුළේඑහෙම ආකෘති නෑ. පිටපත විසින්ම තමයි අදාළ චරිත ඉල්ලන්නට ඕන.

ඔබට මුදල් ලැබෙන්නෙ සම්පූර්ණ කතාවටමද? කොටස් ගණනටද?

මම මුදල් හම්බකරන්නෙ කොටස් ගණනට. මම හදාගත්ත ක්‍රමයක් තියෙනවා. ඒ මත සිට තමයි මම කටයුතු කරන්නෙ.

කවුරු හරි කිව්වොත් ප්‍රේක්‍ෂකයන්ට කුණු ගොඩක් දීල හරි කමක් නෑ මෙගා කරන මිනිස්සු සල්ලි හොයනව කියල.


ඒක වැරැදියි. ප්‍රේක්‍ෂකයාට හොඳ ඔළුවක් තියෙනවා. හොඳ දේ මොකක්ද කුණු ජරාව මොකක්ද කියලා තෝරන් බලන්න. අපි මොනදේ දුන්නත් ඒක හරියන්නෙ නැත්නම් චැනල් එක මාරු කරන් බලන්න ඕනම වෙලාවක අවස්ථාව තියෙනවා.

මෙගා නාට්‍ය හින්ද අනෙකුත් නළු නිළියන්ට කාර්මික ශිල්පීන්ට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?

ඒක තමයි රජය විසින් මෙගා නාට්‍යය කොටස් 100ක් බවට පත්කෙළේ. හැමදෙනාම මිනිස්සුනෙ හැම අයම බලන්නෙ පුළුවන් තරම් ආදායමක් උපයගන්න.

දක්‍ෂතා පිරුණු අය මෙගා තුළින් බිහිවෙනව අඩුයි?

ඒක හරි..... කොටස් අඩු ගණනක ටෙලියකදී කරන්න පුළුවන් දේවල් මෙගා නාට්‍යයක් ඇතුළෙ කරන්න අමාරුයි. ඒත් මම ලියන නාට්‍යවල කොටස් 50ක් ලියල ඊට පස්සෙ වෙන සිදුවීම් අදාළ නළුවා හෝ නිළිය සමඟ කතාබස් කරනවා. ඒ වගේම තමයි අධ්‍යක්‍ෂවරයා සමඟත් කතාබස් කරනවා.

මෙගා නාට්‍යයක සුළු කොටසක රඟපාලා පස්සෙ නිළියො කියන නම මුල් කරගෙන ගණිකා මඩම්වලින් මතුවෙන අය ගැන මොකද කියන්නෙ.?

නිළියො ගණිකාවො වුණේ නෑ. ගණිකාවො තමයි නිළියො වුණේ. පිටපළාත්වලින් කොළඹට ඇවිල්ල ගණිකාවන් විදියට හැසිරිලා නාට්‍යයක අතිරේක චරිතයක් විදියට හෝ මූණ පෙන්න ගත්තම ඔවුන්ට අමතර වාසියක් ලැබෙනවා. රු. 2000ක් හොයනවා නම් ඔවුන්ට රු. 5000ක් හොයන්න පුළුවන්. නිළියො කවුරුවත් ගණිකාවො වුණේ නෑ.

කවුරුහරි කිව්වොත් මෙගා මෙලෝ රහක් නෑ කියල?

ඒක තීරණය කරන්නෙ ප්‍රේක්‍ෂකයා මෙගා රහ නැත්නම් මිනිස්සු බලන්නෙත් නෑනෙ.

ගෙදර කාන්තාව දැන් මෙගා නාට්‍යවල තියෙන හැමදේටම අනුගත වෙලා නේද ඉන්නෙ?ඉස්සර ගාමිණී ෆොන්සේකා සිගරැට් බීපු විදියට අපේ අය සිගරැට් බිව්ව, කොණ්ඩෙ පීරපු විදියට කොණ්ඩෙ පීරුව. මේවා හැම කාලෙටම පොදුයි.


උපුටා ගැනීම  -මව්බිම 

Gossip Lanka Hot News Previous News Archive