රිසානාගේ හිස ගසා දැමීම තැති ගන්වන සුලු ක්‍රියාවක් - United Nations Secretary-General Ban Ki-moon

ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ගේ හිස ගසා දැමීම තැති ගන්වන සුළු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ, රිසානාව රැඳවුම් භාරයේ තැබිම හා ඇයට එරෙහිව පැවති නඩු විභාගයේ අවිධිමත්භාවය සම්බන්ධයෙන් ඇති වාර්තා පිළිබඳ සිය දැඩි අවධානය යොමු වී ඇති බවය.සෞදි ආරිබියේ රියාද් අගනුවරට ආසනන්, දවාද්මි නගරයේදී රිසානා නෆික් හිස ගසා මරා දැමුණේ, පසුගිය බදාදා උදෑසන කාලයේදී ය.ඒ, සිය භාරයේ සිටි බිලිඳෙකු මරණයට පත්කරන ලැදැයි කියන සිද්ධියකට එරට අධිකරණයක් හමුවේ වරදකාරිය වීම හේතුවෙනි.


වර්තමාන‍යේදී සෞදි අරාබිය තුළ කාන්තාවන්ට අධිකරණය වෙත යෑමට සමාන අයිතියත් හෝ යුක්තිය පසිඳලීමේ දී සාමාන අවස්ථාවක් නොමැති බව බැංකි මූන් මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසන්නේ, සෞදි අරාබිය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම් ඉහළ යාම පිළිබඳව ද සිය දැඩි අවධානය යොමු වී ඇති බවය.

Gossip Lanka Hot News Previous News Archive