අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳව බරපතල අවධානය පළ කරන ඇමෙරිකා එක්සත් ජනපදය නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් යලිත් ඉලීමක් කරයි.
වැඩි ඡන්ද 106 කින් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්ද නොතකා හරිමින් දෝෂාභියෝගය විවාද කිරීමට පාර්ලිමේන්තුව පියවර ගැනීම පිළිබඳව බලවත් කනස්සල්ල පළ කොට තිබේ.
එමෙන්ම දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂකයන්ට ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණදීමට සිදුවීම පිළිබඳවද එක්සත් ජනපදය සිය අවධානය පළ කරයි.මේ අතර නිවේදනයක් නිකුත් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යෝජනාව සම්මත කිරීමට පාර්ලිමේන්තුව ගත පියවර දැඩිව හෙළා දැක තිබේ.