ලෝකයේ වැඩියෙන්ම මිනිසුන් කතා කරනුයේ මුදල් සොයන ආකාරය පිළිබඳව කියල කිව්වොත් සියලුදෙනාම එකඟ වෙනව ඇති කියල මම දනිමි. සමාජයේ දියුණුවත් සමඟ හැමදෙයකමටම මිලක් නියම වෙලා. අතීත කාලයේදී අද ගෙවන බිල්පත්වලින් 100%ක් වත් මිනිසුන්ට ගෙවන්න සිදුවුණේ නැහැ. ගොඩක් අෑතට නොගියත් අපිත් දන්න දැනට අවුරුදු 40කට 50කට අතීතය ටිකක් එබිල බැලුවොත් අපේ ගමේ පමණක් නෙමෙයි වටපිටාවෙත් විදුලි බලය තිබුණේ නැහැ.
එපමණක් නොවෙයි හැම්බේකන්, චීස්, බටර් පිරුණු සමාජයක මුදල් ගෙවල ලෙඩ ටිකක් ගෙදර ගෙන එනවා දැන් අපේ සමාජය.
මම කියන්නේ නැහැ අපි කරත්ත යුගයට ආයෙමත් යන්න ඕන කියලා. ඒ වුණාට අපි මේ දියුණුව කියල දකින සමහර සරුවපිත්තල දේවල් නම් කොහොම හරි සමාජය තුළින් අෑත් කරන්න උත්සාහ කරනවා නම් ඒක මතු දවස වෙනුවෙන් බොහොම යහපත් වේවි. ආදායමයි, වියදමයි කතා කරනකොට එතැනට අපේ හඳහනත් තරමක් එකතු කරගත්තම ඒක වටිනවා. මොකද මේ දියුණුවත් එක්කම හඳහනත් වෙනස් වෙලා.
එදා හැදුණු ලෙඩ රෝග නෙමෙයි අද හැදෙන්නෙ. බෙහෙත් පෙත්තක්වත් එක දිනයක්වත් නොගෙන සම්පූර්ණ ආයුෂ නිරෝගීව ගෙවපු උදවිය අපි පුංචි කාලේ බොහොම දෙනෙක් හිටියා. ඒ සඳහා හේතු වුණෙත් චාම් සරල දිවි පැවැත්මක්. අදටත් ඉන්දියාවේ, චීනයේ කඳුකර ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් නොමැතිව ජීවත් වන බොහෝ දෙනා දීර්ඝ ආයුෂ විඳින බවත්, ඔවුන් ඉතා සෞඛ්‍යසම්පන්න බවත් පුවත්පත්වල, රූපවාහිනී වැඩසටහන්වල මෙන්ම ගුවන්විදුලියෙන් ඇහෙනවා. ඒ නිසා ස්වභාවධර්මයෙන් දෙන දේවල් අපි වැරැදියට පාවිච්චි කරල පසුතැවීම්වලට ලක්වෙන බව පෙන්නුම් කරනවා.
කොහේ හරි ලොකු වැරැද්දක් අපේ ආකල්පවලට වෙලා තියෙනවා. ආහාර රටාව, ගමනාගමනය, ව්‍යායාම මදිකම, මානසික ආතතිය අද ඉහළ ගිහිල්ලා. මේවට හේතුව සොයා බැලුවහොත් ඉවක් බවක් නැතිව වැලඳගන්න බටහිර සංස්කෘතිය ප්‍රධාන වශයෙන් අපට බලපානවා. මේ හැම එකක් ඇතුළෙම වාසි ලබාගන්න කරන දේශපාලනයක් තියෙනවා. අපට වැරැදුණේ අද නෙමෙයි. කාලයක් ඉඳල වැරදීගෙන යනවා. උපරිම අවස්ථාවට තවම ළඟා නොවුණත් වේගයෙන් අපි එතැනට යනවා.
ජීවන රටාවත් සමඟ හඳහනේ තිබෙන බලපෑම කුමක්ද? මුලින්ම අප නිවැරැදි කරගත යුතු තැන තමයි අපි දියුණු විය යුත්තේ ලෞකිකවද? එහෙම නැතිනම් ලෝකෝත්තරවද? සරලව කියනව නම් මානසිකවද? යන්න වග. අපි එක් එක්කෙනාගේ මත තියෙනවා. හැමෝම ආසයි කැපිල පේන්න. ඒක නම් ටිකක් කල්පනා කරල බැලුවහොත් මේ දෙකොට්ඨාසයම කැමැති දෙයක්.
ටිකක් තේරුම් කරල කියුවහොත් සමහර දෙනෙක් කැමැතියි හොඳින් නරකින් ඕනෑම ආකාරයට මුදල් සොයා ලෝකය තුළ නමක් දිනා ගන්න. සමහර කොටසක් ආසයි හොඳ වැඩ කරල සමාජයට යහපත කරල ඒ තුළින් හොඳයි කියල අහගන්න. ෙදාගොල්ලන්ගේම බලාපොරොත්තු එකක් වුණාට එම බලාපොරොත්තු ඉෂ්ට කරගන්නෙ දෙවිධියකට. මේ දෙවිධියටම නැතුව ඉතාම සුළු පිරිසක් වැඩ කරනවා. සමාජයට යහපත කරල ලෝකයට ඒ බව නොහඟවා තමන්ම ප්‍රීතිය බුක්ති විඳිමින් සිටිනව. ඔබ ටිකක් හැරී බැලුවහොත් ඔබ මෙයින් සතුටු කුමකටද යන්න සිතා බලන්න.
අප උපදින කොට අපේ ජන්ම පත්‍ර තුළ අපට බලයක් තියෙනව ඒ ඒ ග්‍රහලෝකවලින් ලැබෙන. මේ ශක්තිය තුළින් තමයි කෙනෙක් බලවත් හෝ දුබල වෙන්නෙ. අපිට ඔප්පු කිරීමට සාධක නැතත් සියලුදෙනාම පිළිගන්න පෙර ආත්මවල කරන ලද කුසල්, අකුසල් අනුව තමුන් මේ ආත්මය තුළ දියුණුව හෝ පහතට වැටීම සිදුවන බව. එය පිළිගත හැකි වන්නේත් සමහර මිනිසුන් තුළ ඇති හැකියාවන් ඉතා විස්මිත වන නිසයි.
අප ලග්න වශයෙන් ඔබට සරලව වටහා ගැනීමට හැකි ලෙස එකින් එක ගෙන විමසා බැලුවහොත් බොහෝ දෙනකු බලාපොරොත්තු වන ආර්ථික දියුණුව ලබන කාලය සහ එය කොතෙක්වේද යන්න විමසා බැලීම නිසා එය ලැබෙන ආකාරය මෙන්ම කාලයද සොයා බැලීම ඉතා වටිනා බව මගේ අදහසයි.
මේෂ ලග්නය
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න
මේෂ ලග්න හිමි අය යම් උසස් තත්ත්වයක් ලබන බව පෙන්වන ග්‍රහ පිහිටීම් අතරින් ලග්නාධිපති ලෙස කුජ 1, 2, 3, 4, 6, 8, 10, 11 ස්ථානවල පිහිටා ඇති අයට විශේෂයෙන්ම ධනය ලැබීමේ භාග්‍යය ඇත. 1 සහ 10 ස්ථානවල සිටීමෙන් රුචක නමැති පංචමහා පුරුෂ යෝගයක් උදා කරන අතර, මෙවැන්නත් අන් අය පාලනය කිරීමට දක්ෂ වෙති. ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන්ද බොහෝ දෙනෙක් මෙලෙස වෙයි. ගුරු 1, 2, 4, 5, 9, 10, 11 සිටීමත්, සිකුරු 1, 2, 4, 5, 7, 9, 10, 11 සිටීමත්, බුධ 2, 3, 4, 5, 6, 10, 11 සිටීමත්, සඳු 2, 3, 4, 7, 9, 10, 11 සහ 12 සිටීමත්, රවි 1, 3, 6, 9, 10, 11 සිටීමත්, ශනි 3, 6, 7, 10, 11 සිටීමත් ධනය ලබන පිහිටීම් වේ.
තවත් විශේෂ ධන යෝග රාශියක් ග්‍රහයන් එකතු වීම තුළින් ලැබේ. කොතෙක් ධන යෝග තිබුණත් දශාව ඉතාමත් ප්‍රබල ලෙස කෙනකු ධනවත් වීමට උපකාරි වේ. මේෂ ලග්න හිමියන්ට වයස අවරුදු 30 ආසන්නයේදී ගුරු, සිකුරු, කුජ, රවි සහ සඳු යන දශා ලබයි නම් මැදි වයසේදී ධනවතකු වේ. ඊට පසුවේ නම් ඒ අනුව කාලය ඔබට නිගමනය කළ හැකිය. සමහර දෙනකුට කුඩා කාලයේදී යහපත් දශා ලබා සැප සම්පත් විඳ පසුකාලය අගහිඟකම්වලට මුහුණ දේ. සමහර දෙනකුට මැදි වයසේදී යහපත් දශා ලබා සැප සම්පත් විඳ පසු කාලය අගහිඟකම්වලට මුහුණ දේ. සමහර දෙනකුට මැදි වයස තෙක් දුක් විඳ අගභාගය සැප සම්පත් දෙයි. කලාතුරකින් ජීවිතයම සැප සම්පත් සහිතව ගත කරන්නන්ද, තවත් සමහර දෙනකු උපන් දා සිට මරණය දක්වා දුක් විඳින බවද පෙන්නුම් කරයි. මේ සඳහා හඳහන මෙන්ම ආකල්පද බලපායි. කුඩා කල සිට සියලු යස ඉසුරු මැද ජීවත් වන සමහර දරුවන් පසු කාලයේදී නොමනා පුරුදු, නරක මිතුරු ආශ්‍රය වැනි දේවලින් නොමඟට යෑමත්, සමහර විට මවුපියන් දරුවන් ඉදිරියේ සියලු දුසිරිත සමඟ හැසිරී ඔවුන් දරුවන්ට ලබා දෙන නරක ආදර්ශවලිනුත් ඔවුන් විනාශ වී යන බවත් පෙනේ.
එහෙයින් අප තේරුම් ගත යුත්තේ සමහර විට වාසනාව ඔබ සතු වුවත්, නියම ආකාරයෙන් එය නෙළා නොගැනීම තුළ ඔබට අයහපත උදාවන බවයි. සියලු ශක්තිය සමග ඉපදී ඇති බොහෝදෙනා එම ශක්තීන්වලින් ප්‍රයෝජන ගන්නේද යන්න තම තමන්ම කල්පනා කළ යුතු කාලය එළැඹ ඇත. ඔබ තුළ ඇති ශක්තීන් තේරුම්ගෙන එයට අදාළව ජීවත් වේ නම් ඔබට ලැබී ඇති දෛවයෙන් ඔබට ප්‍රයෝජන ගත හැක.
වෛද්‍ය විද්‍යාවේදී මෙන්ම නවීන තාක්ෂණික සොයා ගැනීම් තුළ දෛවයෙන් අපිට නියම කරන සමහර කරුණු වෙනස් කළ හැකි බව ඔප්පු කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. කකුල් අතපය හතර හොඳින් ලැබී ඇත්තේ බුද්ධිය අපට ලබාදී ඇත්තේත් ඒ තුළින් ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කරනු පිණිසය. අප දැනට නම් දෙපයින් වැඩ නොගන්නා තරම්ය. එය භාවිත කරන්නේ 1%ක් පමණ අඩු ප්රතිශතයකි. අත් දෙකද එසේමය. බොත්තමක් එබූ විට සියලු දේ ක්‍රියාත්මක වේ. කාලයක් අන්ධකාරයේ ගුහාවක සිරවී සිටි මාළු රෑනකට දෑස් පෙනීම ක්‍රම ක්‍රමයෙන් නැති වී ගොස් දැන් එම පරම්පරාව අන්ධ මාළුන්ම වී තිබේ. අපට වන්නේද මේ වැඩක් නොකර තබාගෙන සිටින කකුල් ක්‍රම ක්‍රමයෙන් වැඩ කිරීමට බැරි තරමටම දුර්වල කිරීමයි.
මෙය ඔබට පමණක් නොව මටද එසේමය. ඒ නිසා අප බැලිය යුත්තේ හෙට දිනයේදී අපට යහපතක් වේද යන්න නොව එම යහපත උදාකර ගන්නේ කෙසේද යන්නයි. ඔබට හොඳ දශාවක් ලබා තිබූ පමණින්ම සියලු දේම ඔබට ලැබේ යැයි ජේයාතිර්වේදියකු හෝ වෙනත් කෙනකු කියූ පමණින්ම එය පිළිගැනීමට තරම් බොළඳ නොවී සිටීම වැදගත්ය. ඔබට ලැබෙන්නේ දෛවය විසින් ලබාදෙන අවස්ථා මිස මැණික්, ස්වීප් වැනි වාසනාවට නොවේ. ඔබ ඔබට ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට උත්සුක වන්නේ නම් මා අසා ඇති මෙම පිරුළ බොරුවක් වනු ඇත. “උත්සාහවන්තයා ජය ගනී” යන්න කෙතරම් පැරැණි, කෙතරම් අර්ථවත් කියමනක්ද? වාසනාවෙන් ඔබ ප්‍රයෝජන ගන්නේද යන්න මා අසා ඇති මේ උපමා කතාවත් සමඟ ඔබට තරමක් වැටහෙනු ඇත.
ඉතා බැතිමත් දෙවියන් කෙරෙන්ම සියලු දුක සැප ලබන විට විශ්වාස කරන පුද්ගලයෙක් සෑම දෙයකටම පිහිට පතා සිටියේ දෙවියන් වහන්සේගෙන්ය. දිනක් පැමිණි මහා වැස්සකින් ප්‍රදේශය යටවුණු අතර අසල්වාසීන් විසින් ඔහුට ආරක්ෂිත ප්‍රදේශයකට යෑමට කතා කරනු ලබයි. නමුත් එය ප්‍රතික්ෂේප කරන මොහු පවසන්නේ දෙවියන් වහන්සේ විසින් මා බේරාගනු ඇති බවයි. වැසි වැඩි වෙද්දී ඔහු උඩක නැඟී සිටි අතර, බෝට්ටුවකින් පැමිණි අය ඔහුව ආරක්ෂිත තැනකට කැඳවාගෙන යෑමට සැරසෙයි. එවිටද ඔහු පවසන්නේ ඔබ යන්න, මා දෙවියන් වහන්සේ විසින් බේරාගනු ඇති බවයි. අවසානයේදී වහලය උඩ නඟින මොහු බේරා ගැනීමට ගුවන් යානයක් මඟින් ගලවා ගැනීමට උත්සාහ කළත් ඔහු පෙර පරිදිම කියා සිටී. අවසානයේදී මොහු මියගොස් ස්වර්ගයේ උපත ලබයි.
එවිට දෙවියන් වහන්සේ මුණගැසෙන මෙම බැතිමතා තරමක් නෝක්කාඩු ස්වභාවයෙන් තමා බේරා නොගත් බව පවසයි. එවිට දෙවියන් වහන්සේ පවසන්නේ වරක් නොව, තෙවරක් මා ඔබ ගලවා ගැනීමට උත්සාහ කළ බවයි. වරෙක මිනිසුන් පිරිසකුත්, වරෙක බෝට්ටුවකුත්, වරෙක ගුවන් යානයකුත් ඔබට එවූ මුත් අවස්ථා 3ම පැහැර හැරිය බව දෙවියන් වන්සේ පවසයි. මා ඔබෙන් අසන්නේ ඔබත් ඔබේ දෙවියන්ට බැණ අඬගසමින් සිටිනවාද, ලද අවස්ථාවෙන් නිසියාකාර ප්‍රයෝජන ගන්නවාද යන්නයි.
වෘෂභ ලග්නය
හොඳ ධන යෝගයක්
වෘෂභ ලග්නය සඳහා ලග්නාධිපති 8 වැන්නේ හෝ 12 වැන්නේ හැර අන් ස්ථානවලට සුබ බවත්, 11 වැන්නේදී ලග්නය සහ 2 ස්ථානවලදී වඩාත් ප්‍රබල බවත් පෙනී යයි. අනෙක් ස්ථානවලද අසුබයක් නැත. සෙනසුරු වෘෂභයට හොඳම ග්‍රහයා ලෙස සැලකේ. සෙනසුරු 9 වැන්න, 10 වැන්න සහ 6 වැන්න දී ඉතා විශිෂ්ට සුබ ඵල දෙන බවත් අනෙක් ස්ථානවලින් 3 වැන්න සහ 6 වැන්න යන ස්ථානවලදී සුබ ඵල දෙන බවක් පෙනේ. රවි 1, 3, 4, 9, 10, 11, 12 ස්ථානවල විශේෂ සුබ ඵල දෙන බවත් පෙනේ. ගුරු 3, 4, 5, 8 ස්ථානවල මධ්‍යස්ථ වන අතර 11 වැන්නේදී ඉතා හොඳ ධන යෝගයක් වේ. කුජ, සඳු ග්‍රහයන් 1, 2, 3, 4, 7, 8, 9, 10, 11 සහ 12 ස්ථානවලදී ධනය ලබා දේ. බුධ තුන්වැන්නට සහ හය වැන්නට පමණක් සුබ වන නමුත් අනෙක් ස්ථානවලට යහපත් නැත. රවි සමග බුධ එකට සිටී නම් දෝෂ මැකී සියලු ස්ථානවල සුබ පල දේ. කෙසේ නමුත් ධනය ලැබීමට වඩාත් යහපත් දශාවන් ලෙස සිකුරු, ගුරු, සඳු සහ කුජ දශා පෙන්වා දිය හැකිය.
මිථුන ලග්නය
ධනය ලැබුණට කරදර වැඩියි
මිථුන ලග්න හිමියන්ට බුධ 1, 2, 4, 5, 9, 10 සහ 11 ස්ථානවල සුබ වන අතර, අනෙක් තැන්වල මධ්‍යස්ථ ප්‍රතිඵල දෙයි. ගුරු 1, 2, 3, 4, 5, 10, 11 ස්ථානවල ද සුබ ඵල දෙයි. සිකුරු 1, 2, 3, 4, 5, 7, 9, 10 සහ 12 ස්ථානවලටද යහපත්ය. රවි 3, 4, 6, 10, 11 යන ස්ථානවලටද සුබදායක වේ. සඳු 2 දීත්, 4 දීත්, 5 දීත්, 7 දීත්, 9, 10, 11 යන ස්ථානවලදීත් සුබ පල දේ. කුජ ග්‍රහයා 6 හෝ 8 හෝ 11 වැන්නේ සිටීම ධනය ලබා දෙන යෝගයක් වුවත් 8 වැන්නේදී හදිසි අනතුරුවලට මුහුණදීමටත් 6 වැන්නේදී සතුරු කරදරවලට මුහුණ දීමටත් සිදුවේ. අනෙක් ස්ථානවලට එතරම් යහපත් බවක් හෝ අයහපත් බවක් නැති මධ්‍යස්ථ බවක් පෙන්වයි. 2 වැන්නේ තැන්පත් නම් ව්‍යාපාරික අංශයට බර වෙතත් වචන සැර වැඩිය. මිථුන ලග්නයට හොඳින් ධනය ලැබෙන කාලය ලෙස බුධගෙ දශාවත්, සිකුරු, සඳු දශාවනුත් හැඳින්විය හැකිය. ගුරු මහ දශාව සහ සෙනසුරු දශාව ධනය ලැබෙතත් කරදර බාධකද ඇති බව පෙන්නුම් කරයි.
කටක ලග්නය
ධනය ලැබුණට හිතුවක්කාරයි
කටක ලග්න හිමියන්ට නම් සඳු ලග්නයේ නැතහොත් 1 කොටුවේ සිටීම වාසනාවන්ත වන අතර 6, 8, 12 ස්ථානවල හැර සෙසු ස්ථානවලදී සුබ ඵල ලබාදේ. කුජ 5, 10 ස්ථානවලදී වඩාත් සුබ ඵලත් 7 වැන්නේදී බලවත් භාවයකුත් ලබා දෙයි. කෙසේ නමුත් කටක ලග්න හිමියන්ට ගුරු, බුධ, සිකුරු ග්‍රහයන් කේන්ද්රස්ථානවලදී නැතිනම් 1, 4, 7, 10 ස්ථානවලදී මෙන්ම 9 වැන්න 11, 12 ස්ථානවලදීත් වඩාත් සුබ පල දෙයි. ශනිට 3, 4, 6, 7, 8 ස්ථානත් 9 දීත්, සුබ ඵල උදාකරයි. රවි ග්‍රහයාත් ශනිට බොහෝ සෙයින් සමාන සුබ ඵල දෙකක් 10, 11 යන ස්ථානද රවිට වඩාත් බලවත් වේ. දෙවැන්නේදී රවි ධනය දෙතත් හිතුවක්කාර කමක් ඇත. වඩාත් සුබ ඵල දෙන දශා ලෙස කුජ, රවි දසා හැඳින්විය හැකි අතර අනෙකුත් දශාවල මධ්‍යස්ථ ඵල දෙයි.
සිංහ ලග්නය
මහ දශා කාල හොඳයි
සිංහ ලග්න හිමියන්ට රවි ලග්නාධිපති ලෙස ලග්නයේත් 3, 6, 10 හා 11 දී ප්‍රබල වේ. ගුරු, බුධ, සිකුරු ග්‍රහයන් 6, 8, 12 හැර සෙසු ස්ථානවලට යහපත්ය. සෙනසුරු 3, 6, 7, 10 සහ 11 සුබ වේ. සඳු 1 දීත්, 2, 3, 4, 5, 10, 11 ස්ථානවල බලවත් වේ. අනෙකුත් ස්ථානවලදීත් දුර්වල වේ. සිංහ ලග්න හිමියන්ට ගුරු, බුධ, සිකුරු මහ දශා වාසනාවන්ත වේ. කුජ දශාව වඩාත් ප්‍රබල වේ. අනෙක් දශාවන් මධ්‍යස්ථ ඵල දේ.
කන්‍යා ලග්නය
හොඳින් ධනය ලබයි
බුධ 1, 4, 7, 10 සුබ වන අතර, 6, 8, 12ට අසුබ වේ. ගුරු, සිකුරු 6, 8, 12 සුබ නැතත් අනෙක් ස්ථානවලට යහපත්ය. සඳු 2, 4, 9, 11 ස්ථානවලට සුබ වන අතර, අනෙක් ස්ථානවලට එතරම් වාසි නැත. අනෙක් ග්‍රහයන් පිහිටීමද 6, 8, 12ට හැර වරදක් නැත. දශා ලෙස සිකුරු, බුධ, ගුරු, සඳු දශා යහපත් වේ. හොඳින් ධනය ලබයි. අනෙක් දශාවල එතරම් යහපත් නැත. සමහර විට රාහු දශාව කන්‍යා ලග්නයට යහපත් වන අවස්ථා බොහෝ කොට ඇත.
තුලා ලග්නය
සිකුරුගෙන් කුජගෙන් හොඳ ප්‍රතිඵල
තුලා ලග්න හිමියන්ට විශේෂයෙන් ලග්නාධිපතියේ පිහිටීම වැදගත් වන අතර, සිකුරු 8, 12 හැර අනෙක් ස්ථානවලට යහපත්ය. සුබ ග්‍රහයන් ලෙස සලකන ගුරු, බුධ ග්‍රහයන් සමඟ සඳු 6, 8, 12ට හැර අනෙක් තැන්වලට යහපත්ය. රවි, කුජ, ශනි ග්‍රහයන් 3, 6, 10, 11 ස්ථානවලදී බලවත් වේ. සිකුරු දශාවත්, කුජ දශාවත් යහපත් ප්‍රතිඵල දෙන අතර, ගුරු, බුධ දශා මධ්‍යම ඵල වේ. සෙනසුරුද මධ්‍යස්ථ සුබ ඵල උදාකරන අතර අනෙක් ග්‍රහයන්ගේ දශා එතරම් යහපත් නැත.
වෘශ්චික ලග්නය
බලවත් ග්‍රහ යෝග
වෘශ්චික ලග්න හිමියන්ට කුජ ලග්නයේ නැතිනම් 1 කොටුවේ සිටම රුචක පංචමහා පුරුෂ යෝගය වන අතර 6 වැන්නේ සිටීම විපරීත හර්ෂා යෝගයයි. 3 වැන්නේ උච්ච වන කුජ “සතරදීප ජය යෝගය” උදා කරන අතර වෘශ්චික ලග්නයට මෙයද බලවත් පිහිටීමකි. 10, 11 ස්ථානවලටද කුජ බලවත් වන අතර, රවි ග්‍රහයාද එම ස්ථානවලදී බලවත් වේ. සඳු 2, 3, 4, 7, 9, 10, 11 ස්ථානවලට වඩාත් සුදුසුය. ගුරු, බුධ, සිකුරු 6, 8, 12 හැර අනෙක් ස්ථානවලට බලවත්ය. සෙනසුරු 3, 4, 8, 9, 10, 11 මෙන්ම 12ට යහපත්ය. දශා ලෙස ගත් කල ගුරු මහ දශාව මෙන්ම සඳු, කුජ, සිකුරු මෙන්ම බුධ දශාවද ධනය ලබාදෙයි. රවීද බලවත්ව පිහිටා ඇත්නම් දශා කාලය යහපත් වේ.
ධනු ලග්නය
හොඳ ධනවත් ග්‍රහ පිහිටීම්
ලග්නාධිපති වන ගුරු 1, 4, 5, 9, 10, 11 ස්ථානවලට යහපත් වන අතර බුධ, සිකුරුද මෙම ස්ථාන සමඟම 2, 3 ස්ථානවලටද යහපත්ය. ගුරු ග්‍රහයා කුජ හෝ ශනි සමඟ 2 වැන්නේ වීමෙන්ද බොහෝ සුබ ඵල උදා කරයි. රවි, කුජ ග්‍රහයන් 1, 3, 5, 7, 9, 10, 11 ස්ථානවලදී බලවත් වන අතර, කුජ ග්‍රහයා 12 වැන්නේ දීද හොඳ ධනවත් ග්‍රහ පිහිටීමකි. සඳු ග්‍රහයා ධනු ලග්න හිමියන්ට 6, 8, 9, 10, 11 ස්ථානවලට යහපත් වෙතත් අනෙක් තැන්වල තරමක් දුර්වලය. 1 කොටුවේදී මධ්‍යම ප්‍රතිඵල දෙයි. දශා ලෙස ගත් කල කුජ, ගුරු, රවි දශා බලවත් වන අතර, සිකුරුද ධනය ලබා දෙයි. බුධ, ශනි තරමක අඩු ප්‍රතිඵල ලබාදෙන බවත් පෙනී යයි.
මකර ලග්නය
සෙනසුරුගේ ඵල වැඩී
සෙනසුරු 1, 2, 3, 6, 9, 10, 11 ස්ථානවලදී හොඳින් ක්‍රියාත්මක වේ. ගුරු, බුධ, සිකුරු ග්‍රහයන් 1, 2, 3, 4, 5, 9, 10, 11 යන ස්ථානවලදී බලවත් වේ. ගුරුට 12 වැන්නද යහපත් වන අතර, බුධට 6 වැන්නද යහපත් වේ. රවි, කුජ ග්‍රහයන්ට 1, 2, 3, 4, 9, 10 සහ 11 යහපත් වේ. රවිට 8 වැන්නද යහපත් වේ. සඳු 1, 2, 3, 4, 5, 7, 9, 10, 11 මෙන්ම 12 ද යහපත් ස්ථාන වේ. දශා ලෙස සිකුරු දශාවත්, කුජ දශාව ශනි දශාව යහපත් වන අතර සඳු, ගුරු, බුධ මධ්‍යස්ථය.
කුම්භ ලග්නය
බුධ, ගුරු, සිකුරු බාධා කරයි
කුම්භ ලග්න හිමියන්ට ශනි ලග්නාධිපති වන අතර, 1, 2, 5, 6, 9, 11, 12 ස්ථානවලට යහපත්ය. ගුරු, බුධ, සිකුරු 6, 8, 12 ස්ථානවලට හැර අනෙක් ස්ථානවලට යහපත්ය. රවි සහ කුජ 3, 6, 7, 9, 10, 11, 12 ස්ථානවලට සුබ ඵල දේ. සඳු ග්‍රහයා 2, 3, 4, 6, 9, 10 සහ 11ට සුබ වේ. දශා ලෙස ගත් කල සිකුරු,
උපුටා
ගැනීම-මව්බිම