සුඩේෂ්කර්ට ලේ වන්දියට ලක්ෂ 06ක් මදි

කටාරයේ මරණ දඬුවම නියම වී සිටින ශ‍්‍රී ලාංකිකයෙකු වන වෙන්ගඩාසලම් සුඬේෂ්කර් වෙනුවෙන් ඉල්ලා ඇති රියාල් ලක්ෂයක ලේ වන්දියට තවත් රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක් අවශ්‍ය බව ඔහුගේ මව වන මංගල සාමි පුන්ගෝදා පැවසුවාය.

ආසියානු මානව හිමිකම් කමිටුව සහ සුඬේෂ්කර්ගේ පවුලේ සාමාජිකයන් විසින් මේවන විට රුපියල් ලක්ෂ 28 ක් පමණ එක්රැස් කරගෙන ඇති බව සදහන් වේ.ඉන්දීය කර්නාටක ප‍්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන සුඬේෂ්කර් අගතියට පත් වූ පාර්ශවයේ පවුලේ අය වෙත එම මුදල මේ මස අවසන්වීමට පෙර ලබාදිය යුතු බවද පැවසේ.එම මුදල චෙන්නායි නුවර ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය හරහා ගෙවීමට කටයුතු යොදා ඇති බව ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය මීට පෙර හෙලිකර තිබිනි.


දැන් කටාරය වෙත ගොස් සිටින සුඬේෂ්කර්ගේ ඥාති සොහොයුරු අයිප්පන් පි‍්‍රයදර්ශන් ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ මුදල ගෙවීමට සිය පවුලේ අය කටයුතු කර ඇති බවයි.සුඬේෂ්කර් 2011 වසරේ කටාරය වෙත ගොස් ඇති අතර රැකියාවක් සොයමින් සිටි ඔහුට එහි පළතුරු වෙළදසැලක සුළු රැකියාවක් ලැබී තිබේ.එහෙත් එහිදී ඇති වූ ආරවුලකින් ඔහු කළ පහරදීමක් නිසා ඉන්දීය ජාතිකයෙකු මිය ගොස් ඇත.කටාර් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ඔහු 2012 වසරේ දෙසැම්බර් 31 වවන දා වරදකරු කොට මරණීය දණ්ඩනය නියම කළේය.කටාරයේ ද මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ තියුණු කඩුවකින් ගෙල සිඳලීමෙනි.

තමා භාරයේ සිටි ළදරුවෙකු කිරි සිරවී මිය යාමේ වරදට වසර 6ක් සිරගතවී සිටි ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් මේ වසරේ ජනවාරි 09 වැනිදා සෞදි අරාබියේ දී ගෙල සිද මරණයට පත් කරනු ලැබුවාය.

Gossip Lanka Hot News Previous News Archive