තම සුළු පියා වෙතින් දූෂණයට ලක් වූ මාලදිවයිනේ 15 හැවිරිදි ගැහැනු ළමයෙකුට කසපහර 100ක දඬුවමක් නියම කර තිබේ.
මාලදිවයින් බලධාරීන් පවසන්නේ, එම ගැහැනු ළමයා බිහිකළ දරුවා සුළු පියා සමග එක්ව ඝාතනය කර වලදමා ඇති බවය.
කෙසේ වෙතත් අතවරයට පත් ගැහැනු ළමයෙකුට නියම කළ මෙම දඬුවම ඇමිනේස්ටි ජාත්‍යන්තරය දැඩි ලෙස හෙළා තිබේ.
මේ අතර මාලදිවයින් බලධාරීන් පවසන්නේ, එම දඬුවමට ආණ්ඩුව එකඟ නොවන අතර අදාළ නීතීන් වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය.
එම ගැහැනු ළමයා ඉල්ලා නොසිටිය හොත් හැර ඇයගේ වයස අවුරුදු 18 වන තුරු මෙම දඬුවම ලබානොදෙන බව ද මාලදිවයින් බලධාරීහු පවසති.
දැරිය අතවරයට පත් කරන ලද සුළු පියාට එරෙහිව විභාගය තවදුරටත් ක්‍රියාත්මකයි.