ජනපතිට විරෝධය පෑවාට 1000 ක් අත්අඩංගුවට


ශ්‍රී ලංකානු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයට විරුද්ධව චෙන්නාහි සහ නව දිල්ලි නුවරවල දමිළ ජනතාව වීදි බැස විරෝධතා ව්‍යාපාර වෙල යෙදෙන අයුරු විදෙශා වාර්තා සදහන් කර ඇත. ඉන්දියාවේ නවදිල්ලියේ ඉන්දීය අග්‍රාමාත්‍ය මංමෝහන් සිං මහතාගේ නිල නිවස අවට උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයින් 1000 ට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මරුමලර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. 

අද (08) උදෑසන තමිල්නාඩුවේ සිට ගුවන්යානා මගින් නවදිල්ලියට පැමිණ ඇති මොවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන බවට පෙර දැනුම්දීමක් සිදුකර ඇතැයි ද නක්කීරන් වෙබ් අඩවිය උපුටා දක්වයි.ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය මංමෝහන් සිං මහතාගේ නිල නිවස අවට ප්‍රදේශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 144 වන වගන්තියට අනුව හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට අදාළව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් බැවින් මෙම උද්ඝෝෂකයින් පිරිස මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. 
මෙම උද්ඝෝෂණය මරුමලර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ නායක වයිකෝ විසින් සංවිධානය කර ඇතැයි ඉන්දීය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.


Gossip Lanka Hot News Previous News Archive