Asteroid DA14 උල්කාපාතය පෘථිවිය අසලින්, පොළොවේ හැපුනොත් කම්මුතුයි


පරමානු බෝම්බ 100 කින් සිදුකළ හැකි විනාශයකට සමාන විනාශයක්‌ කළ හැකි ඩී. ඒ.-14 නමැති උල්කාපාතය අද ග්‍රිනිච් වේලාවෙන් 7.24 ට පෘථිවිය ආසන්නව ගමන් කරන බව නාසා නිලධාරීන් හෙළිකර ඇත.ඉන් පෘථිවියට බලපෑමක්‌ නැතැයිද චන්ද්‍රිකා විකාශන අඩපණ වීමට ඉඩ ඇතැයිද ඔවුහු කියා සිටී. මෙම උල්කාපාතය සොයාගනු ලැබුවේ ස්‌පාඤaඤ තාරකා විද්‍යාඥයකු විසිනි.

එහි වේගය විනාඩියකට සැතපුම් පහක්‌ යෑයි හෙලිවී ඇත.මෙය පෘථිවියේ ගැටුනොත් ලන්ඩන් නගරයට සමාන ප්‍රදේශයක්‌ විනාශවේ.නාසා ආයතනය කියන්නේ මෙම ග්‍රහවස්තුව සෑම අවුරුදු හතළිහකට වරක්ම පෘතුවිය පසුකර ගමන්ගන්නා බවයි.අඩි 150 ක විශ්කම්භයකින් සහ මෙට්රික් ටොන් දෙලක්ෂයක බරකින් යුතු මෙම ග්‍රහ වස්තුව යම්හෙයකින් මහපොළවට කඩා වැටුණොත් එමගින් ඇතිවියහැකි පීඩනය ජපානයේ හිරෝෂීමා නුවරට ඇමෙරිකානුවන් දැමූ පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයකින් විනාශකාරී බව විද්‍යාඥයෝ පවසති.
කුඩා ග්‍රහ වස්තුවක් බැවින් මෙම ග්‍රහකය පියවි ඇසට නොපෙනෙනු ඇති.ප්‍රිස්ම දෙනෙතියකින් හෝ දුර දක්නයකින් එය නැරඹීමට හැකියාව ඇතත්, ග්‍රහකයේ වේගවත් චලිතය හේතුවෙන් එය නැරඹිම පහසු නොවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පැවසී ය.පෘථිවිය ආසන්නයෙන් ගමන් ගත් අනෙකුත් ග්‍රහක සමඟ සැසදීමේදී 2012 DA 14 නැමති මෙම ග්‍රහකය මෙතෙක් වඩාත්ම පෘථිවිය ආසන්නයටම පැමිණි ග්‍රහකය ලෙස වාර්තා අතරට එක්වනු ඇති බව ද නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ ය.









Gossip Lanka Hot News Previous News Archive