අටවිසි යෝග බලයක් මාර්තු 14දා සුබ නැකැත් වැස්සක්

මාර්තු මස 14 වැනි ගුරු දිනය ඉතාම සුබ නැකැත් දිනයකි. පංචාංග ශුද්ධියෙන් පරිපූර්ණ වූ මෙම දිනයේ ප. ව. 1.33 (13.33) දක්වා බුධ ග්‍රහයාට අයත් රේවතී නැකැත උදාව පවතින අතර එදින “මිත්‍ර” නමැති ආනන්දාදී අට විසි යෝග බලයෙන්ද ආශීර්වාද ලබා ඇත. මෙවැනි මහා යෝගයක් යෙදේ නම් වෙනත් සුළු සුළු දෝෂයන් භංග වන බව ජේ‍යාතිෂයේ පෙන්වා දී තිබේ. විවාහයට, ව්‍යාපාර ආරම්භයට, තරග විභාග ආදියට, මැණික් ව්‍යාපාරික කටයුතුවලට, ළිං කැපීමට, කුඩා දරුවන්ට ඉඳුල් කට ගෑමට හා මංගල කෙස් රොද කැපීමට මෙම නැකැත් දිනය යොදාගත හැකිය. 
මෙම සුබ නැකැත් දිනය අස්විද, මා, මුල, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස යන නැකැත් හිමියන්ට ගැළපෙන අතර පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලින් උපත ලද ජන්මීන් හට සම්පත් නැකැතක් ලෙසින් විශේෂයෙන් සීහුම් වේ.

ජෝතිෂවේදී කොටදෙණියාවේ - ඩී. ඩී. එන්. ගුණවර්ධන


Gossip Lanka Hot News Previous News Archive