ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට එල්ලවු බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයෝ 20 දෙනෙක් ජීවිත්කෂයට පත්වෙති.මෙහිදී 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
ඉන්දීය වාර්තා සදහන් කලේ අද පස්වරුවේ මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි .මෙම බෝම්බ හයිද්‍රබාද් නගරයේ ජනප්‍රිය සිනමා ශාලා දෙකක් අසල බයිසිකල් වල අටවා තබා ඇති බවට තොරතුරු හෙළිව තිබේ.
පළමු ප්‍රහාරයෙන් මිනිත්තු කිහිපයකට පසු දෙවන ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙම අවස්තාවේ හයිද්‍රාබාද් නගරය ඉතා කාර්ය බහුලව පැවති බවද බොහෝ පිරිසක් සේවය නිමවී නිවෙස් කරා යමින් සිටි අවස්ථාවක් බවටද තොරතුරු වාර්තා වෙයි.
මෙම ප්‍රහාරය ඉතා හොදින් සැලසුම් කර එල්ල කර ඇති අතර මෙම ප්‍රධාන ප්‍රහාර දෙකට අමතරව තවත් පිපුරුම් හඩක් ඇසුන බවට තොරතුරු වාර්තා වෙයි. මේ වන විට තුවාලකරුවන් රොහල් කරා රැගෙන ගොස් ඇති අතර හයිද්‍රාබාද් ආරක්ෂක බුද්ධි අංශ සිද්ධිය පිලිබද පරීක්ෂණ පවත්වයි.
වසර 2007 දීද මෙම නගරයට බෝම්බ ප්‍රහාරයකට ලක්වු අතර එහිදී 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුහ