උ/පෙළ සිසුවා 15 වියැති සිසුවිය කෙලෙසලා !

ජංගම දුරකතන සංවාදයක් මඟින් හඳුනාගත් නුගේගොඩ බල ප්‍රදේශයේ පාසලක 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මීගොඩ ප්‍රදේශයේ නිවෙසකට ගෙන ගොස් දූෂණය කරන ලැදැයි කියන කොළඹ උසස් පාසලක සිසුවකු මාර්තු මස 1 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. 
මාසිංහ මහතා ඊයේ (27දා) නියෝග කෙළේය. මානසික හා සමාජ රෝග වෛද්‍යවරයකුට ඉදිරිපත් කර සැකකාර සිසුවා සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මිරිහාන පොලිසියට අධිකරණයෙන් නියම කෙරිණි. මීගොඩ ප්‍රදේශයේ පදිංචි කොළඹ උසස් පාසලක ඉගෙනුම ලැබූ සැකකාර සිසුවා පසුගියදා පැවැති උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ සුදුසුකම් ලබා ඇති අයකු බවද අධිකරණයෙන් අනාවරණය කෙරුණි.
පාසල් යෑමට සූදානම් වූ දැරිය සැකකාර පුද්ගලයා විසින් පාසල් ඇඳුමෙන්ම මීගොඩ ප්‍රදේශයේ නිවෙසකට ගෙන ගොස් ඇගේ අකැමැත්තෙන් ඉකුත් 19 දින පෙරවරුවේ දූෂණයට ලක්කර ඇති බවත් පසුව බස් රථයක නංවා නුගේගොඩ ප්‍රදේශයට එවා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව මිරිහාන පොලිසියට ඉකුත් 25 වැනිදා පැමිණිලි කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ය.

Gossip Lanka Hot News Previous News Archive