
මෙම අනතුර සිදුවීමට කලින් එහි පින්තූර ගැනීමට අමෙරිකානු ඡායාරූප ශිල්පී ක්‍රිස්ටෝපර් මිචල්ට හැකි වී ඇත්තේ ඔහු වෙනත් බැලුමක ගමන් කරමින් සිටි බැවිනි. පිපිරුම් හඬත් සමඟ දුමක් පිටවනු තමා දුටු බව මිචල් පසුව කීය. බැලුම ගිනි ගනිද්දී මහල් හතක ගොඩනැඟිල්ලක් බඳු උසක සිට මිනිසුන් බිමට පනිනු දුටු බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙක් බී.බී.සී. රූපවාහිනියට පැවැසීය. බැලූනයේ නියමුවා ඇතුළු තවත් පුද්ගලයකු මෙම අනතුරෙන් දිවි ගලවා ගැනීමට සමත් වී ඇත.
ලක්සෝර් නුවර වූ කලී නයිල් ගඟබඩ පිහිටි නගරයකි. එහි ඊජිප්තුවේ වඩාත් ප්‍රකට පේරෝ යුගයේ නෂ්ටාවශේෂ ඇත.