ජනාධිපති හා අගමැති හැර 64 දෙනකුගෙන් යුතු කැබිනට් ඇමති මණ්ඩලය නඩත්තු කිරීම සදහා මෙරට ජනතාව මාසිකව රුපියල් කෝටි 200 කට අසන්න මුදලක් එනම් වසරක ට රුපියල් කෝටි 2,400 ක් පමණ වැය කෙරෙන බව අනාවරණය වේ.
මෙවර කැබිනට් සංශෝධනය මගින් අලුතින් පත් කළ පත් කළ ඇමතිවරුන් 6 දෙනාට මාසික මූලික වැටුප ගෙවීමට පමණක් වැයවන ජනතා මුදල රුපියල් 4,11,000 (හාරලක්ෂ එකළොස් දාහයි)කි.
ඔවුන් පත්කිරීමට පෙර, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැරුණුවිට ,සිටි ඇමතිවරුන් 58 දෙනා වෙනුවෙන් මාසික වැටුප් ලෙස රුපියල් 39,73,000 ක් ජනතා මුදලින් වැය කෙරිණි.මේ අනුව වත්මන් රජයේ කැබිනට් ඇමතිවරුන් ගේ මූලික වැටුප සදහා පමණක් වසරකට ජනතා මුදලින් වැයවන මුදල රුපියල් 52,22,4000 කි.මෙයට අමතරව අලුතෙන් පත් කෙරුණු ව්‍යාපෘති ඇමති වරුන් දෙදෙනා සදහා මාසික වැටුප වෙනුවෙන් වසරකට රුපියල් 16,44,0000 ක් ජනතා මුදලින් වැය වෙයි.
ඇමතිවරයකු ගේ පෙට්‍රල් වාහනයකට ඉන්ධන දිමනාව ,බස්නාහිර පළාත සදහා මාසික දීමනාව රුපියල් 50,000 කි. එය බස්නාහිර පළාතෙන් පිට ඇමතිවරු සදහා රුපියල් 72,000 කි .අලුතෙන් පත්වූ අමතිවරුන් හය දෙනාම බස්නාහිර පලාතට පිටින් වන හෙයින් ඔවුනට මාසික ව ඉන්ධන දීමනාව ලෙස රුපියල් 432,000 කි. එසේම මෙම ඇමතිවරුන් හය දෙනා සදහා මාසිකව දුරකථන බිල වශයෙන් 144,000 ක් ගෙවිය යුතුය.
මෙම ඇමතිවරුන් හය දෙනා නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු කරමින් සිටි බැවින් ,ඔවුන් ඇමතිවරුන් ලෙස පත් කල පසු ,ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නඩත්තුව සදහා අමතර වශයෙන් වැඩිපුර රුපියල් ලක්ෂ 20 ක් පමණ වැයවේ.
මේ අනුව ජනාධිපති හා අගමැති හැර 64 දෙනකුගෙන් යුතු කැබිනට් ඇමති මණ්ඩලය නඩත්තු කිරීම සදහා මෙරට ජනතාව මාසිකව රුපියල් කෝටි 200 කට අසන්න මුදලක් වැය කරන අතර එය වසරක ට රුපියල් කෝටි 2,400 ක් පමණවෙයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්මේන්තුවට අනුව 2012 වසරේ සැප්තම්බර් මාසයේ මෙරටේ දුප්පත් කමේ අගය 3545 කි.එය ඔක්තොබර මාසයේදී 3,534 ,නොවැම්බර හා දෙසැම්බර මාස වල දී පිළිවෙලින් 3,579 ක් හා 3,611 කි .
කෝටි 10 ක ජනතාවක් සිටින ඉන්දියාවේ ඇමති මණ්ඩලය 33 ක් වන අතර මෙරට සිටින කෝටි 2 ක ජනතාව 64 කින් යුතු ඇමති මණ්ඩලයක් නඩත්තු කරමින් සිටිති.
මෙම ඇමති මණ්ඩල සංශෝදනයෙන් පසු මාධ්‍ය හමුවක දී ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කලේ දැන් මෙරටේ ඇත්තේ ජම්බෝ ඉලාස්ටික් ඇමති මණ්ඩලයක් බවයි.එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවේ කියුවේ ඉදිරියේ දී හල්මස්සන් ,පරිප්පු වැනි විෂය සදහා ද ආණ්ඩුව විසින් ඇමතිවරුන් පත් කෙරෙනු ඇති බවය. පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා හෙළි කලේ සීනි ඇමතිවරයා සදහා වන විෂය පථය මෙතෙක් වෙන්කර නොමැති බවය .