2013 වර්ෂය පුරාම නැප්චූන් ගමන් කරනුයේ කුම්භ රාශියේය. 2013 ජනවාරි 25 වැනිදා සිට මාර්තු 4 දක්වා කුජ, කුම්භ රාශියේ ගමන් කරයි. ග්‍රහ ලොවෙහි බුද්ධිමතා බුධ පෙබරවාරි 02 වැනිදා සිට අප්‍රේල් 4 වැනිදා දක්වා කුම්භ රාශිගතව ගමනේ යෙදෙයි. පෙබරවාරි 12 වැනිදා සිට මාර්තු 14 දක්වා වූ කාලය තුළ රවි ග්‍රහයාද කුම්භ රාශිගතව ගමනේ යෙදෙයි. සිකුරු පෙබරවාරි 21 වැනිදා සිට මාර්තු 17 දක්වා කාලය තුළ කුම්භ රාශියේ ගමන් කරයි.
මේ ග්‍රහ තත්ත්වය අනුව ලංකා කේන්ද්‍රයේ ලග්නභාවය හෙවත් හිසෙහි මෙම ග්‍රහයන් පස් දෙනාම පෙබරවාරි 21 වැනිදා සිට මාර්තු 4 වැනිදා දක්වා වූ කාල පරාසයෙහි කුම්භ රාශියේ ගමන් කරයි. මෙය එතරම් හිතකර පිහිටීමක් නොවේ. ලංකාවට විරුද්ධව ප්‍රබල සංවිධාන ක්‍රියාත්මක වන කාලයකි. බලාපොරොත්තු නොවන අන්දමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ. රට තුළ මෙන්ම විදේශය තුළත් රාජ්‍ය තන්ත්රය අපහසුවට පත් කරවන ක්‍රියාමාර්ග සිදුවේ.
සමස්තයක් වශයෙන් ගත් කල පෙබරවාරි සහ මාර්තු යන මාස දෙක තුළ පවතින ග්‍රහචාරයට අනුව ලොව බොහෝ රටවල සිත් කම්පා කරවන දේ සිදුවීමට ඉඩ ඇත. නැප්චූන්ගේ තිබෙන විසම බව හා රවි කුජ සංයෝගය අනුව ඉතා බරපතළ ප්‍රශ්න ඇතිවීමට හේතුවකි. ළැව්ගිනි පැතිරීමෙන් සහ ගුවන් යානා අනතුරට ලක්වීමෙන් බරපතළ හානි සිදුවිය හැකිය.
ලංකා කේන්ද්‍රයේ ලග්න භාවයේ සහ පුණ්‍යස්ථානයේ පවතින ග්‍රහ පිහිටීමට අනුව රටේ කීර්ති නාමයට හානි සිදුවීමට ඉඩ සැලැසේ. විවිධ බලවේග ප්‍රබල ලෙස නැඟී සිටියි. ලෝකයේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවී තිබූ රහසිගත සංවිධාන ඔවුන් සිදු කරන අමානුෂීය කටයුතු නිසාම ප්‍රසිද්ධියට පත් වේ.
මෙම ග්‍රහ පිහිටීම් තත්ත්වය ලග්නවලට පොදුවේ බලපානුයේ මෙසේය.
මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ට දෙවැන්නේ ගුරු පිහිටා 11 වැන්නේ මෙම ග්‍රහ සංයෝග තිබෙන බැවින් ඉතා ශුභ මාස 2ක් ගතවනවා ඇත. හදිසි ධන ලාභ, ආදායම් මාර්ග වැඩිවීම් සහ රැකියාවේ දියුණුවක් ඇති වන කාලයකි. 11 වැන්නේ මෙම ග්‍රහ පිහිටීම මඟින් කියැවෙන්නේ ප්‍රධාන වශයෙන්ම හදිසි ධන ලාභවලට හෝ යම් කිසි වාසනාවන්ත සිදුවීමකට ආරම්භයක් ඇති කළ හැකිය.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ට තම රැකියා ස්ථානයේ අර්බුද ඇති වන නමුත් සියලු ප්‍රශ්න යහපත්ව විස¼දා ගත හැකිය. මෙතෙක් පැවැති රෝග තත්ත්වයන් අඩු කරවන කාල සීමාවකි.
මිථුන ලග්නය
මිථුන ලග්න හිමියන්ගේ මෙපමණ කලක් බාධාව පැවැති විදේශ ගමන් පිළිබඳ තිබූ බලාපොරොත්තු ඉෂ්ට වන කාලයකි. පිරිමි දරුවන් සිටී නම් තරමක අපල තත්ත්වයක් ඇති වෙයි.
කටක ලග්නය
කටක ලග්න හිමියන්ට ගෘහ ජීවිතය පිළිබඳ ප්‍රශ්න ඇතිවන කාලයකි. ගුරු 11 වන භාවයේ ගමන් කරන බැවින් ඇතිවන සියලුම ප්‍රශ්න යහපත්ව නිරාකරණය කරගැනීමට අවස්ථාව සැලැසේ. මවට තරමක අහිතකර බවක් පෙන්වයි.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමියන්ට මෙය ශුභදායක කාලයකි. හවුලේ කරන කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අතර නිවෙසේ සතුටුදායක තත්ත්වයක් ඇති වෙයි. සහෝදරයකු පිළිබඳ ශුභදායී ආරංචියක් දැනගන්නට ලැබෙනවා ඇත.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් වන නමුත් ඒ අන්දමින්ම වියදම වැඩි වනවා ඇත. ආගමික කටයුතුවල වැඩිපුර නියැළීමට ආශාවක් දක්වයි. ග්‍රහයන් පස්දෙනාම 6 වැන්නේ ගමන් කිරීම නිසා යටි බඩ ප්‍රදේශයේ වේදනා ඇති විය හැකිය.
තුලා ලග්නය
තුලා ලග්න හිමියන්ට තමාගේ සිතැඟි ඉෂ්ට කර ගැනීමට හොඳ කාලයකි. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ශුභදායී කාලයකි. අධ්‍යාපනයට යොමු වී ඇති තුලා ලග්න හිමියන්ට බාධා මැඬගෙන ජයගත හැකි කාලයක් වන අතර දැඩි උත්සාහයක නිරත වනවා ඇත.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ගේ විවාහ පිළිබඳ තීරණ මෙම මාස දෙක තුළ ශුභදායක වනවා ඇත. විදේශ ගමන්වලටද යහපත් ප්‍රතිචාරයක් ලැබෙන අතර ඒ සඳහා කටයුතු ආරම්භ කිරීමට සුදුසු කාලයකි. පපුවේ අසනීප ඇති වෘශ්චික ලග්න හිමියන් වැඩිපුර පරෙස්සම් විය යුතු කාලයකි.
ධනු ලග්නය
ධනු ලග්න හිමියන්ට ඉතා ශුභදායක වන්නේ 3 වැන්නේ සහ 11 වැන්නේ ග්‍රහයන් 7 දෙනෙක් ගමන් කිරීම නිසාය. මෙම කාලය තුළ උපදින ධනු ලග්න හිමියන් ඉතා හොඳ අධ්‍යාපනයක් ලබනවා ඇත. සියලු කටයුතුවලට ශුභදායක කාලයකි.
මකර ලග්නය
මකර ලග්න හිමියන්ට අධික වියදමක් දරන්නට සිදුවන කාලයකි. රැකියාවේ අර්බුදවලින් පරෙස්සම් විය යුතුය. රැකියාවන් වෙනස් විය හැකි කාලයකි. බෙල්ලේ යම්කිසි ආබාධ ඇතිවිය හැකිය. උපන් බිමෙන් පිට ජීවත්වන මකර ලග්න හිමියන්ට ශුභදායක කාලයකි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන්ගේ සිත තැන්පත්ව තබා ගැනීමට අපහසු වන බැවින් යම්කිසි ප්‍රබල ආගමික ක්‍රියාවලියක නිරත විය යුතුව ඇත. 9 වැන්නේ රාහු සහ සෙනසුරු ගමන එවැනි ආගමික බලයක් ඇති කර ගැනීමට සුදුසු පිහිටීමකි. එහෙත් ගුරු සිවුවැන්නේ ගමන් කිරීම නිසා ආදායමද අඩු විය හැකි බැවින් හොඳ සිහිකල්පනාවෙන් හා පරිස්සමින් ක්‍රියා කළ යුතු කාලයකි.
මීන ලග්නය
මීන ලග්න හිමියන්ට දැනට ගත කරන මහ දශාව අනුව ශුභ අශුභ තීරණය වනවා ඇත. 12 වැන්නේ පවතින ග්‍රහ පිහිටීම අනුව මීන ලග්න හිමියන් ගන්නා තීරණ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුව ඇත. හදිසි තීරණවලට නොයා සෑම විටම හිතවත්තු සමඟ සාකච්ඡා කර තීරණවලට පිවිසීමෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය අඩු කර ගැනීමට උත්සාහ ගන්න.
හේෂාණි රත්නායක