සුදු ඇඳුමින් පාසල් ගොස් පාට ඇඳුමින් ගෙදර ඇවිත්

එසේම අතවරයට පත්වූ බව කියන ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල්ගත කළ බවද පොලිසිය පැවැසීය.සැකකරුවන් පුත්තලම පිටවටරවුම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මෙහි ප්‍රධාන සැකකරු (පෙම්වතා) පුත්තලමේ සිට රුපියල් 800කට කුලියට ගත් ත්‍රිරෝද රථයකින් කරුවලගස්වැව ප්‍රදේශයට පැමිණ ශිෂ්‍යාව රැගෙන ගොස් එහිදී ඔහු මෙම අතවරය සිදුකොට ඇති බවත් පැවැසේ.
පොලිසිය වැඩිදුරටත් පවසන අන්දමට මෙම දැරියගේ මව විදෙස් ගතවී සිටී. එම නිසා දැරිය ජීවත්වන්නේ ඇගේ කිරිඅම්මා සමඟය. උදෑසන නිල ඇඳුමින් සැරසී පාසල් ගිය තම මිනිබිරිය සවස සාමාන්‍ය ඇඳුමකින් සැරසී නිවෙසට පැමිණීම පිළිබඳ මිත්තණියට සැක සිතී ඇත. පසුව ඒ පිළිබඳ ඇගෙන් විමසීමේදී පෙරකී තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ මිත්තණිය සිය මිනිබිරියද සමඟ 20 රාත්‍රි 7.00ට පමණ මේ පිළිබඳ පැමිණිල්ලක් කළ බවත්, ඒ අනුව පරීක්ෂණ පවත්වා එදිනම රාත්‍රි 11.00ට පමණ පුත්තලම ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය පැවැසීය.