ශ්‍රී ලංකාවේ සදාතනික හිත හොඳ මනුස්සයා වූ විජය කුමාරතුංග මහතා ඝාතනය කර වසර 25 ක් ගතවීම නිමිත්තෙන් සමරු උත්සවයක් ලබන පෙබරවාරි 27 දා බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
සවස 5 ට ආරම්භ වන මෙම සමරු වැඩ සටහනේ ප්‍රධාන සමරු දේශනය පැවැත්වීම සඳහා නවදිල්ලියේ ප්‍රතිපත්ති පර්යේෂන ආයතනයේ සභාපති මහාචාර්ය ප්‍රතාප් භානු මෙහෙතා මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.
එදිනට විජය නමින් ඔහුගේ ජීවිතය ගැන ලියැවුනු පොතක් එළිදැක්වීම ද, විජයගේ ජීවිතය සහ ඔහු කළ කී දෑ නම් වාර්තාමය චිත්‍රපටයක් තිරගත කිරීමද එදින වැඩ සටහන් අතර වන බව විජය කුමාරතුංග මහතාගේ ප්‍රිය බිරිඳ වූ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.