පාර්ලිමේන්තු, පළාත් සභා,ප්‍රාදේශීය සභා එජාප මන්ත්‍රීන් 28කට සිරිකොත තහනම්

එක්‌සත් ජාතික පක්‌ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 28 දෙනකු කිසිම හේතුවක්‌ නිසා හෝ පක්‌ෂ මූලස්‌ථානය වන සිරිකොතට ඇතුළත් කර නොගත යුතු යෑයි එම පක්‌ෂය විසින් තහනමක්‌ පනවා ඇත.

ඒ අනුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට, පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනකුට පළාත් පාලන කණ්‌ඩායම් නායකයින් 11 දෙනකුට, කණ්‌ඩායම් සංවිධායකයින් දෙදෙනකු ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 10 දෙනකුට මෙලෙස සිරිකොතට ඇතුළු වීම තහනම් කර තිබේ. පුත්තලම දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්‌ඩාර, කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්‌ අබේසිංහ යන මහත්වරුන්ට සිරිකොත තහනම්කොට ඇත.බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්‌තිලක මහතාට සහ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාට ද මෙම තහනම පනවා තිබේ.

Gossip Lanka Hot News Previous News Archive