ඉන්දියාවේ අලහබාද් දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපීමකින් 36 ජිවිතක්ෂයට පත් වෙති.මෙලෙස ජීවිතක්ෂයට පත් වූවන් අතර කාන්තාවන් 26 දෙනෙක් සහ 8 හැවිදිරි කුඩා දරුවෙක් ද වන බව ඉන්දීය වාර්තා කියයි.
ඉන්දියාවේ මේ දින වල පැවත්වෙන කුම්භ මේලා උත්සවය සදහා යමින් සිටි බැතිමතුන්ගෙන් එම දුම්රිය ස්ථානය පීරි පැවති අවස්ථාවක දුම්රිය පාලමක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.බොහෝ පිරිසක් මිය යාමට හේතු වී ඇත්තේ එහි ඇති වූ දැඩි තදබදය හේතුවෙන් ඔවුන්ව ප්රථිකාර සදහා රැගෙන යාමට ප්රමාද වීම නිසා බව වාර්තා වේ.
මෙම අනතුර සිදුවීමට පෙර මෙම දුමිරිය ස්ථානයට රැස්වු අති විශාල ජනතාව දුම්රිය අනතුරු වලින් බේරා ගැනීම සදහා එක් පෙලකට තැබීමට උත්සහ කල ද එය නොහැකි වූ නිසා පොලිසියේ සහයද ලබා ගත් බවද ප්රාදේශිය දුමිරිය කලමණාකරු පවසයි.මේ අතර ප්රමාණය ඉක්මවා ඔරොත්තු නොදෙන තරම් පිරිසක් දුම්රිය පාලමක් මතින් ගමන් කරන අතර තුර මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවෙයි.
මෙම අනතුරින් තුවාල ලැබූවන් සදහා ඉන්දීය රු.100000 බැගින් ද ජීවිතක්ෂයට පත් වූවන් සදහා ඉන්දීය රු.500000 බැගින් ද ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇත.කුම්භ මේලා උත්සවය ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන ආගමික උත්සවය වන අතර මේ සදහා ඉන්දියාවේ නන් දෙසින් ජනතාව රැස්වෙති