ඇමැති මෛත්‍රීපාල සිරිසේනගේ පුත‍්‍රයා 4 වැනිදා අධිකරණයට

මඩකලපුව ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතගේ පුත් අසේල වෛද්‍යලංකාර මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් පල්ලේවත්ත ගමරාළලාගේ දහම් සිරිසේන (20) නමැති අය ලබන 04 වැනිදා වාලච්චේන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි. 

අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ පුත‍්‍රයා ඇතුලූ පිරිසක් විසින් පෙරේදා (24) පස්වරුවේ පාසිකුඩා වෙරළ තීරයේ දී මෙම පහරදීම සිදුකර තිබිණ. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ඇතුළු පිරිස පෙරේදා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ඇප මත ඊයේ (25) අලූයම මුදා හැරිණ.
මේ වන විට සිද්ධියෙන් තුවාල ලැබූ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ පුත් අසේල වෛද්‍යලංකාර කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබයි. "පාසිකුඩා මුහුදු වෙරළේදී ඇමැතිතුමාගේ පුතා මගේ ලේලියගේ ඡායාරූපයක්‌ ගැනීමට යද්දී පුතා ඊට විරුද්ධ වෙලා. ඒ නිසා ඔහුට මෙසේ පහර දී තිබෙනවා" යෑයි පහරකෑමට ලක්‌ වූ තරුණයාගේ පියා වන නියෝජ්‍ය පොලිස්‌පති රවි වෛද්‍යාලංකාර මහතා 'දිවයින' පුවත්පතට පවසා තිබේ. ප්‍රසිද්ධියේම මෙම පහරදීම සිදුවී ඇතැයි පවසන නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මේ නිසා තම පුතාගේ හිස මත ගැට මතු වී තිබූ බව ද කියා සිටියි. 


ප්‍රහාරයට ලක්වූ නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත් අසේල වෛද්‍යලංකාර මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබන අයුරු ඡායාරූපවලින් දැක්වේ.




 maithripala's son assaults digs son

News updates 1 :- ගුටි කෑ පොලිස් පුතා කතා කරයි

            පාසිකුඩා වෙරළේදී ඇමති පුතා ඇතුළු පිරිසගෙන් පහරකෑමට ලක්වූ නියෝජ්‍ය පොලිස්පති පුත් අසේල වෛද්‍යලංකාර තවමත් රෝහල් ගතව සිටින අතර ඔහු ගිලන් ඇඳේ සිට එදා ඇතිවූ සිද්ධිය විස්තර කරනු ලැබූයේ මෙසේය.

"ඉරිදා හවස බීච් එක ගාව මමයි මගේ බිරිඳයි බිරිඳගෙ යාළුවෙකුයි එයාගෙ හස්බනුයි අපි හතරදෙනා හිටියෙ. ඒ වෙලාවෙ මං දැක්ක බීමත්ව හිටපු මිනිස්සු 15 දෙනෙක් විතර එතන ඉන්නවා. ඒ කට්ටියගෙන් එක්කෙනෙක් තමන්ගෙ නාන ඇඳුම ගලවලා මගෙ වයිෆ්ගෙ පැත්තට පෙන්නල තව කෙනෙක් පින්තූර ගන්නවා. හරි අශෝබන හින්ද මං බොහොම කාරුණිකව ගිහිල්ල ඒගොල්ලන්ගෙන් ඉල්ලූවා..පින්තූර ගන්න එපා මගෙ බිරිඳ ඉන්නෙ..එහෙම ගත්තනං කරුණාකරල ඒ ටික ඩිලීට් කරල දාන්න..කියල. ඒ වෙලාවෙ තමා මට පහරදෙන්න පටන් ගත්තෙ. මගෙ අතේ සර්ජරි එකක් වෙලා තියෙන්නෙ. මගෙ අත තාම මට හරියට මූව් කරන්නවත් බෑ. මං එහෙම කරන්න පුළුවන් තත්වයක හිටියෙත් නෑ. මට එතැන සන්ඩු සරුවල් කරගන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. පළවෙනි පාරවල් දෙකතුන වදිද්දි වැටුණා.මට ඇත්තටම මතකයක් නෑ.ඊට පස්සෙ අතින් පයින් පහර දුන්නද ආයුධයකින් පහරදුන්නදවත් කියලා..."

 එම පහරදීම සම්බන්ධයෙන් පොලිසිය ක‍්‍රියාකළ ආකාරය සැකසහිත බවයි එක්සත් ජාතික පක්ෂයේ ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ. අපරාධ නඩු විධාන සංග‍්‍රහයට මෑතදී කෙරුණු සංශෝධනයට අනුව සැකකරුවකු පැය 48ක් රඳවා ගැනීමට පොලිසියට බලය තිබෙනවා.එසේ තිබියදීත් ඉහත පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 13දෙනා අධිකරණයට හෝ ඉදිරිපත් නොකර මුදාහැරියේ මන්දැයි ප‍්‍රශ්න කෙරුණා. මේ අතර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුතණුවන් ක‍්‍රමයෙන් සුවය ලබමින් සිිටිනවා.ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දැන් ස්ථාවර බවයි වෛද්‍යවරු පවසන්නේ.

Gossip Lanka Hot News Previous News Archive