මෙරට බෞද්ධයන් විනාශ කිරීම සඳහා පිහිටුවාගත් සංවිධාන 400ක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් ඇති බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙන්වා දෙන්නේ ක්‍රිස්තියානි අන්තවාදයට එරෙහිව මුස්ලිම් අන්තවාදයක්ද රට තුළ ක්‍රියාත්මක වන බවයි. මහරගම නගරයේ දැන් පැවැත්වෙන බොදුබල සේනා සංවිධානයේ පළමු ජාතික සමුළුවට සහභාගී වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව කියා සිටියා.
මෙවැනි හෙළිදරව් කිරිම්වලින් පසුව තමන්ට කුමන අභියෝග එල්ල වුවද ඒවා හමුවේ පසුබට නොවන බවද ඥානසාර හිමියන් වැඩිදුරටත් කියා සිටියා.
මෙහිදී 'මහරගම ප්රකාශනය' එළිදැක්විය.
'හලාල් බැංකු' වර්ජනය කරන්නයි ද මෙම රැලියේදී එහි සංවිධායකයින් සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. සැම මුස්ලිම් බැංකුවකම 'හලාල්' නොහොත් 'ශාරියා' අංශයක් ඇතැයි සදහන් කල කථිකයින්, එම බැංකු පොලි රහිතව ණය දෙන බවත්, සිංහල බෞද්ධයින් ගෙන් පොලි ගෙන සිහලයින්ට එරෙහිව කටයුතු කරන බවත් සදහන් කළේය.
ලබන අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දේදී සියලු සිංහල බෞද්ධයින් 'හලාල්' ආහාර වර්ජනය කරන ලෙසද මෙම සංවිධානය ඉල්ලීමක් කළේය.
ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය හැක්කේ සිංහල ජාතිය එකමුතුව, ශක්තිමත්ව නැගී සිටියහොත් පමණක් බව සමුළුවට රැලිය ඇමතූ කථිකයන් අවධාරණය කළේය.
ඉදිරි මැතිවරණ වලදී සිංහල බෞද්ධ අපේක්ෂකයින්ට ජන්දය දීමේදී එම අපේක්ෂකයින් සිංහල බෞද්ධ ජනතාවට කර ඇති කාර්ය බාරය සැලකිල්ලට ගන්නැයිද එහිදී ඉල්ලීමක් කළේය.
බොදු බල සේනා "තාලිබාන්" සංවිධානය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මූල්‍ය ආධාර සපයමින් පවත්වා ගෙන යන්නක් බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී මංගල සමරවීර චෝදනා කොට තිබුණු නමුත්, එම සංවිධානය එය ප්‍රතික්ෂේප කළේය.
මෑත මාස කිහිපය තුල තමන්ට ප්‍රහාර එල්ල වූ බව බොහෝ මුස්ලිම් සහ ක්‍රිස්තියානි සංවිධාන පවසන අතර, එවැනි ප්‍රහාර තමන් අනුමත නොකරන බව බොදුබල සේනා මෙහිදී අවධාරණය කළේය.