රුසියාවට උල්කාපාත වර්ෂාවක්: 500කට තුවාල - Meteor fall injures hundreds in central Russia

අද උදෑසන මධ්‍යම රුසියාවේ ඌරල් ප්‍රදේශයට කඩා වැටුණු උල්කාපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.විශාල ශබ්දයක් සමඟ කඩා වැටුණු මෙම උල්කාපාත වර්ෂාවේ බලපෑම් නගර 6ක එල්ල වී ඇති බව ඒජන්සි වාර්තා පවසයි.

විදෙස් වාර්තා පවසන්නේ, උල්කාපාත වර්ෂාව පතිත වූ අවස්ථාවේ රුසියාවට ඉහළ අහස ගිනි බෝලයක් මෙන් දීප්තිමත්ව දිස් වූ බවය.කෙසේ වෙතත් උල්කාපාතයේ කැබලි වැටී ඇති ෂෙල්යාබින්ක් ප්‍රදේශය ජනගහනය අධික ප්‍රදේශයක් නොවන බව එරට ආපදා අමාත්‍යාංශය පවසා ඇත.තුවාල ලැබූ 102 දෙනෙකු පමණ ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරයට පිපිරීම් නිසා කැඩී බීදී ගිය වීදුරු කැබැලි හේතුවෙන් තුවාල සිදුව ඇති බව එරට අභ්‍යන්තර අමාත්‍යවරයා පවසා ඇත.

එසේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, උල්කාපාත වර්ෂාව හේතුවෙන් වර්ග මීටර් 600ක පමණ ප්‍රදේශයක පිහිටා තිබූ සින්ක් කර්මාන්ත ශාලාවක වහලය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවය.
විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් අනුව ටොන් 10 ක් පමණ බරැති මීටර දෙකක් පමණ පළලැති උල්කාපාතයක් මෙලෙස පුපුරාගොස් තිබේ. පැයට කිලෝ මීටර 54,000 ක පමණ වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ උල්කාපාතය ගිනිගෙන දැවී පොළොවට කිලෝ මීටර 30-50 ත් අතර දුරක් තිබියදී පුපුරාගොස් තිබේ. ඉන් පසු එය උල්කාපාත වර්ෂාවක් සේ පොලෙවට පතිත වී ඇත. වර්ග මීටර 600 ක පමණ ප්‍රදේශයක පිහිටි ගොඩනැගිලි සහ සින්ක් කර්මාන්තශාලාවකට දැඩි අලාභහානි සිදුව ඇත. පිපිරීමත් සමගම ඇතිවූ කම්පන තරංග හෝතුවෙන් බොහෝ ගොඩනැගිලිවල වීදුරු ගැලවී විසි වී ගොස් ඇති අතර හිම වැටී ඇති මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයඩ් අංශක 15-18 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.



Gossip Lanka Hot News Previous News Archive