Feb62013

ලංකාවේ කෙල්ලෝ ඉන්දියාව පරදවයි - ශ්‍රී ලංකා පිල සුපිරි 6 වටයට

කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 138 ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගත්තාය.මුම්බායිහි පැවැතිමේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සියපන්දුවාර 50 අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 282 ක් රැස්කිරීමට සමත් වූහ.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලක් ඕනෑම රටකට එරෙහිව ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.ශ්‍රී ලංකාව මීට පෙර 2011 දී අයර්ලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 251 ශ්‍රී ලංකා කාන්තා පිලක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.පිතිකාරියන් සිවුදෙනකු ශ්‍රී ලංකාව ලකුණු පුවරුවට අර්ධ ශතක වලින් දායක වූ අතර එසේ අර්ධ ශතක 4ක් රැස්කළ පළමු අවස්ථාව ද මෙය වේ.


පිතිකරු ලැයිස්තුවේ උසස්වීම් ලබමින් දීපිකා රසාංගිකා සහ යශෝධා මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.
යශෝධා මෙන්ඩිස් පන්දු 80 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 55 ක් ලබා ගත්තාය.
දීපිකා රසාංගිකා විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 109 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 84 ක් එක් කළාය.දීපිකා රසාංගිකා සහ ශෂිකලා සිරිවර්ධන තෙවැනි කඩුල්ල වෙනුවෙන් 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 67 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් රැස් කළාය.

ඒෂානි ලොකුසූරිය අද දිනයේද වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස්කිරීමට සමත් වූවාය.

ශ්‍රී ලංකාව (පන්දුවාර 50 කදී) 282/5 (යශෝධා මෙන්ඩිස් 55, දීපිකා රසාංගිකා 84, ශෂිකලා සිරිවර්ධන 59, ඒෂානි ලොකුසූරිය නොදැවී 56, ජුලාන් ගොස්වාමි 63/3)

ඉන්දියාව (පන්දුවාර කදී) 144
(රීමා මල්හෝත්ත‍්‍රා 38, චමනි සෙනවිරත්න 2/10, ශෂිකලා සිරිවර්ධන 2/20)







 Sri Lanka (282/5) beat India (144) by 138 runs in the Women’s World Cup

Gossip Lanka Hot News Previous News Archive