දුම්වැටි ආවරණවල රූපමය සෞඛ්‍ය අවවාද ඇතුළත් කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් රට පුරා ජනතාව විසින් අස්සන් කරන ලද අස්සන් දස ලක්ෂයක පෙත්සමක් ජාතික මිනිස් පවුර සහ ශ්‍රී ලංකා අමද්‍යප ව්‍යාපාරය එක්ව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බාර දෙයි.ඒ සඳහා බල කරමින් කොළඹ ලිප්ටන් වටරවුම අසල ඊයේ (18දා) පැවැති උද්ඝෝෂණයකින් අනතුරුව එම පෙත්සම සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට භාරදෙනු ලැබිණි.
දුම්බීම නිසා අප රටේ දෛනිකව මිනිසුන් 60ක් මියයන බව පවසන සෞඛ්‍ය අමාත්‍යංශය ලෝකය පුරා වාර්ෂිකව මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් දුම්කොළ ආශ්‍රිතව ඇතිවන හෘද රෝග, අංශභාගය, පිළිකා සහ පෙණහලු ආබාධ හේතුවෙන් මරණයට පත්වන්නේ යැයි පෙන්වා දෙයි.
දුම්කොළ සමාගමේ ක්‍රියාකලාපය හා දුම්වැටි භාවිතයෙන් සිදුවන හානිය පිළිබඳ එහිදී මාධ්‍ය වෙත ලබාදුන් නිවේදනයයි මේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කරන ලද දුම්කොළ පාලනය පිළිබදව ජාත්‍යන්තර සම්මුතියට (Framework Convention on Tobacco Control (FCTC) ශි‍්‍ර ලංකා රජය 2003 වර්ෂයේදි අත්සන් තබා කි‍්‍රයාත්මක කිරීමටද පිළිගන්නා ලදී. එම සම්මුතියට අනුවද දුම්කොළ නිශ්පාදන ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කිරීම කළ යුතුව ඇත.
මෙවැනි රූපමය සෞඛ්‍ය අවවාද පණිවිඩ හරහා ජනතාවට දුම්බීමෙන් නිදහස් වීමට විශාල රුකුලක් වන බව විවිධ රටවල කරන ලද සමීක්ෂණ වලින් හෙළිවී ඇත. දැනට ලෝකයේ රටවල් 50 කට වැඩි සංඛ්‍යාවක් දුම්කොළ නිශ්පාදන ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කර ඇත. ඒ අතරින් මේ වන විට ඕස්ටේ්රලියාව ඉදිරියෙන්ම සිටින අතර ඔවුන්ගේ සිගරට් පැකට්ටුවේ කිසි¥ ආකාරයක ප්රචාරණයකට ඉඩදී නොමැත. එමෙන්ම උරුගුවායි නැමැති රටේද සිගරට් පැකට්ටුවේ ඉඩ ප්‍රමාණයෙන් (දෙපැත්තෙන්ම) 80%ක් ප්‍රමාණයක් සෞඛ්‍යය අවවාද සඳහා වෙන් කර ඇත.
2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පනත මගින් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට ලබාදී ඇති නීතිමය ප්‍රතිපාදන පදනම් කර ගනිමින් ළමුන් තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශි‍්‍ර ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් මේ වන විට දුම්කොළ නිශ්පාදන ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කිරීම සදහා නියෝග පනවමින් 2012 අගෝස්තු මස 08 වන දින අංක 1770/15 යටතේ අති විශෙෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
එම ගැසට් පත්‍රයේ සඳහන් රටට වැඩදායක ප්‍රතිපාදන කි‍්‍රයාත්මක කිරීම ප්‍රමාද කිරීමේ අරමුණින් දුම්කොළ සමාගම මේ වන විට ඊට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇත මෙය හුදෙක්ම අතිගරු ජනාධිපතිතුමාගේ මතට තිත වැඩසටහනට මෙන්ම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ජනතා හිතවාදී වැඩසටහනට එරෙහිව ගෙන ඇති නීතිමය පියවරක් ලෙස කාටත් පැහැදිළිය.
ලංකා දුම්කොළ සමාගමේ කොටස් අයිතියෙන් 92%ට වඩා හිමිව ඇත්තේ බි්රතාන්ය ඇමරිකානු දුම්කොළ සමාගම ප්රමුඛ විදේශීය සමාගම්වලටය.
ළමා අයිතිවාසිකම් ගැන ඕනෑකමින් කතා කරන ලංකා දුම්කොළ සමාගමේ කොටස් අයිතියෙන් 92%ට වඩා හිමිව ඇති බි්රතාන්යය, ඇමරිකාව වැනි විදේශිය රටවල දරුවන්ට ඇති අයිතිවාසිකම් අපේ දරුවන්ගෙන් ඈත් කිරීමට දුම්කොළ සමාගම ගන්නා මේ නින්දිත උත්සාහය හෙළාදැකීම ළමුන්ට හා රටට ආදරයක් ඇති අප කාගේත් ජාතික වගකීමකි.
අතිගරු ජනාධිපතිතුමාගේ මතට තිත වැඩසටහනට මෙන්ම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ජනතා හිතවාදී වැඩසටහනට එරෙහිව දුම්කොළ සමාගම ගත් මෙම නීතිමය පියවරයන්ගේ ප්‍රතිඵලයක් ලෙස හෙට දින එනම් 2013 පෙබරවාරි මස 19 වන දින සෞඛ්‍ය අවවාද ගෙන ඒමට විරුද්ධව දුම්කොළ සමාගම ගොණු කළ නඩුව අභියාචනාධිකරණයේදී නැවතත් සලකා බැලීමට නියමිතය.
දුම්කොළ සමාගම් කුමක් කළත් ගරු සෞඛ්‍ය ඇමතිතුමා ගත් මෙම එඩිතර තීරණය වෙනස් නොකෙරෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.
ජාතික මිනිස් පවුර