මෙවර නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 66 දක්වා අඩුකිරීමට ජාතික නීති අධ්‍යාපන සභාව තීරණය කර තිබේ.
ඒ අනුව 2013 වසර සඳහා ඇතුළත් කරගනු ලබන මුළු සිසුන් සංඛ්‍යාව 551 ක් බව නීති විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.ඩී රුද්‍රිගු මහතා පවසයි.ඊට අමතරව මෙම වසරේ සිට නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ විෂය මාලාව සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේය.මෙතෙක් නීති ප්‍රවේශයට පැවතියේ "නීතියේ පසුබිම" පමණක් වුවද මේ වසරේ සිට 1999 ට පෙර පැවතියාසේ භාෂා ප්‍රශ්න පත්‍රයක් මෙන්ම සාමන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණයකින් හෙබි ප්‍රශ්න පත්‍රයක් වන සේ ප්‍රශ්න පත්‍ර දෙකක් ලබාදීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
මෙම ප්‍රශ්න පත්‍ර දෙකටම පෙනී සිටීම හා සමත්වීම අනිවාර්ය බවත්,එහිදී එක් ප්‍රශ්න පත්‍රයකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනීසිටිය යුතුවාසේම අනෙක් ප්‍රශ්න පත්‍රය සිංහල හෝ ද්‍රවිඩ මව් භාෂාවෙන් පෙනී සිටිය හැකිවන බව රුද්‍රගු මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් නවක සිසුන් ලියාපදිංචි කිරීම අද දින සිට ආරම්භ කරන බවද නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.