විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්,"විපක්ෂයේ විරෝධය" අවබෝධතා ගිවිසුම අද (11) පස්වරුවේ අත්සන් කෙරිණ.
විපක්ෂයේ විරෝධය දේශපාලන පක්ෂ අතර සහ සම්බන්ධතා පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් තිරිමේ උත්සවය පැවැත්වුණේ කොළඹ නවනගර ශාලාවේදීය.ඊට එක්සත් ජාතික පක්ෂය, නව සමසාමජ පක්ෂය, රුහුණු ජනතා පක්ෂය, එක්සත් ජනතා පෙරමුණ, මුස්ලිම් දෙමළ ජාතික සන්ධානය, ද්‍රවිඩ ජාතික සන්ධානය, සහ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ යන පක්ෂ සමග 'නිදහසේ වේදිකාව' සංවිධානය ද
එක්ව සිටියහ.
ප්රජාතන්ත්රවාදය සහ මූලික අයිතිවාසිකම් තහවුරු කිරිම ඇතුළු අරමුණු 7ක් "විපක්ෂයේ විරෝධය" අවබෝධතා ගිවිසුම තුළින් ඉටුකර ගැනීමට අපේක්ෂිතය.
ඡායාරූප - අජිත් සෙනවිරත්න