පාකිස්ථානයේ නිරිත දෙසින් පිහිටි ක්වේතා නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 84දෙනෙකු මියගොස් තවත් 200දෙනෙකු තුවාල ලැබිණි.ජනාකිර්ණ වෙළඳ සංකීර්ණයේදි මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ සුළුතර ෂියා නිඛායික මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙනයි.
මියගිය පිරිස අතර කාන්තාවන් හා ළමුන් රැසක් සිටින අතර තුවාල ලැබූවන්ගෙන් 20දෙනෙකුගේ තත්ත්වය බරපතල වේ.ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ඔවුන් හමුදා ගුවන් යානයක් මගින් වැඩිදුර ප්‍රතිකාර සදහා කරච්චි නුවර වෙත රැගෙන ආ බවය.බෝම්බය දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා හැර ඇතැයි බෝම්බ නිෂ්ක්‍රීය අංශය කළ මූලික පරීක්ෂණවලින් හෙලි වී තිබේ.ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 70ත් 80ත් අතර ප්‍රමාණයක් මේ සදහා භාවිත කර ඇති බවය.
ප්‍රහාරයෙන් බහුතරයක් මියගොස් ඇත්තේ තුවාල ලැබීමෙනි.
ප්‍රහාරයෙන් අනතුරුව බලොචීස්ථාන් පළාතේ අද ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රජයේ කාර්යාලවල ජාතික ධජ අඩකුඹුකර තබන ලෙස ප්‍රාන්ත බලධාරීන් උපදෙස් දී තිබේ.
මුලාශ්‍රය
1. Bomb kills 84 in Pakistan's Quetta