ශ‍්‍රී ලංකා කෙල්ලෝ නවසීලන්තයට පරදිති

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති සුපර් සික්ස් වටයේ තරගයෙන් ශ්‍රිලංකාව පරදා නවසීලන්තය කඩුලු 8ක ජයක් වාර්තා කරයි. මෙම තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම ලකුනු 103 කට සීමා කිරිමට නවසීලන්ත කණ්ඩායමට හැකි වු අතර නවසීපන්ත කණ්ඩායම පිලීතුරු වශයෙන් කඩුලු 2 කට ලකුනු 108ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළේය.
පන්දුවාර 42කදි සියල්ලන් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ 103ක් පමණි.දිලානි සුරංගිකා ල.34 ක්ද දීපිකා රසංගිකා ල.20ක්ද සදමාලි දොලෙහෙවත්ත ල.19ක්ද රැස් කරගැනීම‍ට සමත් විය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම‍‍ ලකුණු 104 ඉලක්කයක් හඹා ගිය අතර එහිදී ඔවුන් පන්දු වාර 23ක් තුලදී කඩුලු 2 කට ලකුණු 108 ක් ලබා ගනිමින් තරගය ජයගත්තේය.
මෙහිදී නවසීලන්ත කණ්ඩායමේ ෆ්‍රාන්ස් මැකී නොදැවී ලකුණු 39 ක් රැස් කළ අතර සුවිස් බේට් ලකුණු 37 ක් රැස් කළේය.නවසීලන්ත කඩුළු දවා ගැනීමේදී ඉනෝකා රණවීර කඩුළු 2 ක් දවා ගත්තේය.

ලෝක කාන්තා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම කණ්ඩායමක් වන නවසීලන්තය 2000 වසරේ නවසීලන්තයේදී පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරියන් බවට පත්විය. නවසීලන්තය 1993, 1997 සහ 2009 යන වසර වලදී පැවැති ලෝක කුසලාන තරගාවලිවලදී අනු ශූරියන් බවට ද පත්ව තිබේ.

Gossip Lanka Hot News Previous News Archive